වෛද්‍ය වර්ජනය අවසන්: සෞඛ්‍ය ඇමතිගෙන් "යහපත් ප්‍රතිචාර"

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව අඟහරුවාදා (ජනවාරි 30) ක්‍රියාත්මක කර තිබු සංකේත වැඩවර්ජනය අත්හිටුවීමට තීරණය කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
එම සංගමයේ වෛද්‍ය නවීන් ද සොයිසා බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් කියා සිටියේ අඟහරුවාදා පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවේදී සිය ඉල්ලීම් සම්බන්ධයෙන් සෞඛ්‍ය ඇමතිවරයා යහපත් ප්‍රතිචාරයක් පළ කළ බවය.
පෙබරවාරි 04 වෙනිදා එළිදැක්වීමට නියමිත පෞද්ගලික වෛද්‍ය සේවා නියාමන වැඩපිළිවෙල සම්බන්ධයෙන් ඉදිරියේ දී සාකච්ඡාවක් ලබා දීමට ද සෞඛ්‍ය ඇමතිවරයා පොරොන්දු වූ බව ඔහු වැඩිදුරටත් පැවසීය.
වෛද්‍ය නවීන් ද සොයිසා වැඩිදුරටත් සඳහන් කළේ එතෙක් එම වැඩපිළිවෙල සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මැදිහත්වීමක් සිදු නොකරනු ඇති බවය.
ඉල්ලීම් දිනා ගැනීම සඳහා වැඩවර්ජන සිදු කර යුතුම දැයි බීබීසී සිංහල සේවය කළ විමසීමට ප්‍රතිචාර දක්වමින් වෛද්‍යවරයා කියා සිටියේ එය සෞඛ්‍ය ඇමතිවරයාගෙන් විමසා බලන ලෙසය.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඉල්ලීම් මොනවාද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
සයිටම් අර්බුදයට අමතරව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රජයට ඉදිරිපත් කර ඇති ඉල්ලීම් පහත දැක්වේ.
- මූලික වැටුපට අනුපාතිකව වෛද්‍යවරුන්ගේ අතිකාල දීමනා සංශෝධනය කිරීම
- කැබිනට් පත්‍රිකා යොදාගනිමින් රාජ්‍ය සේවයේ තෝරාගත් ඛාණ්ඩ සඳහා ජාතික වැටුප් ප්‍රතිපත්තිය උල්ලංඝනය කරමින් වැටුප් ලබාදීමට දෙන උත්සාහයට විරෝධය පළකිරීම
- වෛද්‍යවරුන්ගේ ප්‍රවාහන දිමනාව වර්තමානයට ගැලපෙන පරිදි සංශෝධනය නොකිරීම
- තීරු බදු සහන සහිත වාහන බලපත් ක්‍රමයේ වටිනාකම පහත දැමීමේ යෝජනාවලට විරෝධය
- රාජ්‍ය සේවයේ වෘත්තීයවේදී ඛාණ්ඩ සඳහා ලබාදෙන දීමනා මත ඇතිකර තිබු බදු සහන ඉවත් කිරීමට විරෝධය පළකිරීම
- වෛද්‍යවරුන්ට ලබාදෙන සන්නිවේදන දීමනාව රුපියල් 4,000 සිට 2,500 දක්වා අඩුකිරීමට විරෝධය
- පෞද්ගලික වෛද්‍ය සේවා නියාමන අධිකාරි පනතට ලබාදුන් සංශෝධන ක්‍රියාත්මක කිරීමකින් තොරව බලහත්කාරී ලෙස ක්‍රියාත්මක කිරීමට යාම.
මේ අතර ඉරිදා මාධ්‍ය හමුවක් අමතමින් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය වෘත්තීය සමිතිවලින් ඉල්ලා සිටියේ පෙබරාවාරි 10 වෙනිදා පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය අවසන් වන තෙක් වෘත්තීය ක්‍රියාමාර්ගවල නොයෙදෙන ලෙසය.
සබැඳි යොමු:













