මුස්ලිම් විවාහ කමිටු වාර්තාව "ප්‍රකාශයට පත්කරන්න" - මුස්ලිම් කාන්තාවෝ

මුස්ලිම් දැරියෝ

ශ්‍රී ලංකාවේ මුස්ලිම් පුද්ගල නීතිය සංශෝධනය කිරීම පිණිස මීට වසර නවයකට ඉහතදී පත්කරන ලද කමිටුව සිය වාර්තාව සඳුදා (ජනවාරි 22) අධිකරණ ඇමතිවරිය වෙත භාර දුන් බව අධිකරණ අමාත්‍යාංශය පවසයි.

අධිකරණ අමාත්‍යවරයා විසින් 2009 දී පත්කරන ලද 17 දෙනෙකුගෙන් සමන්විත කමිටුවේ සභාපති, විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සලීම් මර්සූෆ් විසින් එය තලතා අතුකෝරල ඇමතිවරිය වෙත භාර දුන් බව අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

විශේෂයෙන්ම දැරියන් විවාහවීමේ වයස පිළිබඳව කමිටුවේ විශේෂ අවධානය යොමු වී තිබෙන බවත් අධිකරණ අමාත්‍යාංශය පවසයි.

Skip Facebook post, 1

මෙහි අන්තර්ගතය නැත

වැඩිදුරටත් Facebook බලන්නබාහිර වෙබ් අඩවිවල අන්තර්ගතයට බීබීසී වගකියනු නොලැබේ.

End of Facebook post, 1

වසර නවයකට පසුව කමිටුවේ වාර්තාව එසේ භාර දීමට පෙරාතුව, කමිටු වාර්තාවට සිදු වූයේ කුමක්දැයි විමසමින් මුස්ලිම් කාන්තාවන් ඇතුළු පිරිසක් අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපස උද්ඝෝෂණයක නිරතව සිටියහ.

මුස්ලිම් ප්‍රජාව තුළින් මතුවන විවිධ මතවාද සහ අභියෝගාත්මක විවාද මධ්‍යයේ සිය නිර්දේශ සහිත වාර්තාව අවසන් කිරීම පිණිස කමිටුව දැරූ උත්සාහය අගය කරන බව උද්ඝෝෂණය සංවිධානය කළ මුස්ලිම් පුද්ගල නීතිය සංශෝධනය කිරීම සඳහා වූ ක්‍රියාකාරී කමිටුව (Muslims Personal Law Reforms Action Group -MPLRAG) සඳහන් කරයි.

එසේ වුවත් තවමත් මුස්ලිම් කාන්තාව ලාංකීය සමාජය තුළ "දෙවෙනි පෙළ පුරවැසියන් සේ" සැලකෙන බව පවසන MPLRAG සංවිධානය, මුස්ලිම් කාන්තාවට හිමි ගෞරවය ආරක්ෂා කරදෙන මෙන් සහ ඇයට සාධාරණය ඉටු කර දෙන මෙන් මුස්ලිම් කාන්තාවන් දිගින් දිගටම කරන ඉල්ලීමට ආණ්ඩුවේ ප්‍රතිචාරය වී තිබෙන්නේ ඒ සඳහා අදාළ කමිටු වාර්තාව ලැබෙන තුරු සිටිය යුතුය යන්න බව ද සඳහන් කරයි.

Skip X post, 1
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 1

Skip X post, 2
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 2

විවාහවීම සඳහා අවම වයස් සීමාවක් නියම කරමින් මුස්ලිම් විවාහ නීතිය සහ උඩරට නීතිය සංශෝධනය කිරීම පිණිස ගනු ලැබ තිබෙන පියවර පැහැදිලි කරන මෙන් ළමා අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ කමිටුව ශ්‍රී ලංකා ආණ්ඩුවට දැනුම් දී තිබුණි.

ඒ පිළිබඳව පසුගිය සතියේ ජිනීවා නුවරදී කරුණු දැක්වූ ශ්‍රී ලංකාවේ ආණ්ඩුවේ දූත මණ්ඩලය, සලීම් මර්සූෆ් කමිටුව මේ වනවිට සිය නිගමනවලට එළඹී ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත දැනුම් දී තිබේ.

"එහෙත් එම වාර්තාව භාරදෙන දිනයක් ගැන හෝ එය භාරදීමෙන් අනතුරුව සංශෝධන සිදු කෙරෙන කාල නියමයක් ගැන තවමත් කිසිදු නිල දැනුම්දීමක් කෙරී නැත," යනුවෙන් ද උද්ඝෝෂණය සම්බන්ධයෙන් MPLRAG සංවිධානය (වාර්තාව භාරදීමට පෙර) නිකුත්කළ නිවේදනයක සඳහන් වේ.

  • සලීම් මර්සූෆ් කමිටුවේ වාර්තාව ප්‍රසිද්ධියට පත්කරන මෙන්,
  • විශේෂයෙන්ම මුස්ලිම් පුද්ගල නීතියෙන් පීඩා විඳි කාන්තාවන් ද සම්බන්ධ කරගනිමින්, වාර්තාවේ නිර්දේශ පිළිබඳ සමාජයේ පුළුල් සංවාදයක් ආරම්භ කරන මෙන්,
  • සංශෝධිත මුස්ලිම් විවාහ නීතිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන කාල වකවානුව මුස්ලිම් ජනතාව දැනුම්දෙන මෙන්
  • සහ මුස්ලිම් පුරුෂයන් සහ කාන්තාවන් අතර වෙනස්කමක් නොවන ආකාරයට අදාළ සංශෝධන ක්‍රියාත්මක කරන මෙන් මුස්ලිම් කාන්තාවෝ අධිකරණ ඇමතිනී තලතා අතුකෝරලගෙන් ඉල්ලා සිටිති.
Skip Facebook post, 2

මෙහි අන්තර්ගතය නැත

වැඩිදුරටත් Facebook බලන්නබාහිර වෙබ් අඩවිවල අන්තර්ගතයට බීබීසී වගකියනු නොලැබේ.

End of Facebook post, 2

1956 දී සම්මත කරගන්නා ලද මුස්ලිම් විවාහ සහ දික්කසාද නීතිය මගින් මුස්ලිම් කාන්තාවන් සහ දැරියන් දැඩි ලෙස නොසලකා හැරීමට ලක්වන බව සහ අසමානයන් ලෙසින් සලකන බවට මුස්ලිම් කාන්තාවෝ චෝදනා කරති.

එබැවින් එය සංශෝධනය කළ යුතු බව අවධාරණය කරන ඔවුහු, විශේෂයෙන්ම මුස්ලිම් දැරියන් විවාහවීමේ අවම වයස අවුරුඩු 18 ලෙසින් නියම කළ යුතු බව ද අවධාරණය කරති.

එහෙත් බොහෝ ගතානුගතිකවාදී මුස්ලිම් සංවිධාන එයට විරෝධය පළ කරති.

ඒ පිළිබඳව බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමින් තව්හීඩ් ජමාආත් සංවිධානයේ භාණ්ඩාගාරික බීඑම් අර්ශාඩ් කියා සිටියේ, මුස්ලිම් පුද්ගල නීතිය සංශෝධනය කිරීමට එකඟ වුවත්, දැරියන් විවාපත් කරදීම සඳහා අවම වයසක් නියම කිරීමට සිය සංවිධානය තරයේ විරුද්ධ බවය.

මුස්ලිම් විවාහ නීතිය යටතේ බාල වියේදී විවාපත් කරන ලද දැරියකගේ අනුවේදනීය පුවතක් ද සහිත විශේෂ ගවේෂණයක වාර්තාවක් පසුගිය වසරේ බීබීසී සිංහල සේවය ප්‍රකාශයට පත් කළේය.

තවත් තොරතුරු: