ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
වෙනත් ආගම්වලට හරවා ගැනීමේ චෝදනා මත කැරොල් ගායකයන් පිරිසක් අත්අඩංගුවට
නත්තල් කැරොල් ගීත ගායනය කිරීම සම්බන්ධයෙන් ඉන්දීය පොලිසිය විසින් දේව ධර්මය පිළිබඳ ඉගැන්වෙන පාසලක මහාචාර්යවරයෙකු සහ තවත් පස් දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
කිතුනු ආගමට හරවා ගැනීමට උත්සාහ කළ බවට ගැමියෙකු චෝදනා කිරීමත් සමග බලහත්කාරයෙන් වෙනත් ආගම්වලට හරවා ගැනීම සම්බන්ධයෙන් පවතින දැඩි නීති යටතේ ඉහත කී පිරිස අත්අඩංගුවට ගනු ලැබීය.
කෙසේ නමුත් අත්අඩංගුවට පත් පිරිස පවසන්නේ තමන් කැරොල් ගීත ගායනා කිරීම සඳහා පමණක් එහි ගිය බවය.
දක්ෂිණාංශික ක්‍රියාධරයන් යැයි පැවසෙන පිරිසක් විසින් ඔවුන් ගමන් ගත් මෝටර් රථයට ගිනි තබනු ලැබ ඇත.
මෝටර් රථය ගිනි තැබූ බවට චෝදනා ලද පිරිසට එරෙහිව පොලිසිය නඩු පවරා තිබේ.
අත්අඩංගුවට ගනු ලැබීම සිදු වූ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ පාලන බලය හොබවනු ලබන්නේ හින්දු ජාතිකවාදී භාරතීය ජනතා පක්ෂය (BJP) විසිනි.
මාධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තය ඉන්දියාව තුළ වෙනත් ආගම්වලට හරවා ගැනීමට එරෙහිව දැඩි නීති පවතින ප්‍රාන්ත අතරින් එකකි.
අදාළ නීතිය වැඩි වශයෙන් භාවිත කරනු ලබන්නේ හින්දු භක්තිකයන් වෙනත් ආගම් වැළඳ ගැනීමෙන් වළකාලීම සඳහාය.
මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ වෙසෙන සුළුතර ආගමික ප්‍රජාවන් හිංසනයට සහ තර්ජනයට ලක් කිරීමේ චෝදනා රැසක් මෑත වසර කිහිපය තුළ වාර්තා විය.
"වෙනස් විශ්වාස සහ මතවාද නොඉවසීම"
ඉන්දියාවේ ජන ගහනය කෝටි 130 කි. බහුතරය වන හින්දු භක්තිකයන්ට අමතරව ඉස්ලාම්, ක්‍රිස්තියානි, සීක් සහ බෞද්ධ භක්තිකයන් ද එහි වෙසෙති.
ඉන්දියාව තුළ වෙනස් විශ්වාස සහ මතවාද නොඉවසීමේ තත්ත්වයක් වර්ධනය වෙමින් පවතින බව එරට ඇතැම් කලාකරුවෝසහ ක්‍රියාධරයෝ පවසති.
එම තත්ත්වයට විරෝධය පළ කර තමන්ට ලැබුණු සාහිත්‍ය සම්මාන ආපසු භාර දීමට ප්‍රවීණ ලේඛක ලේඛිකාවන් පිරිසක් 2015 වසරේ දී කටයුතු කළහ.
විශේෂයෙන් ගව මස් ආහාරයට ගැනීම මුල් කර ගනිමින් මුස්ලිම් ජාතිකයන්ට පහර දීමේ සහ ඝාතනය කිරීමේ සිදුවීම් රැසක් මෑත කාලය තුළ ඉන්දියාවෙන් වාර්තා විය.
ගවයන් ආරක්ෂා කර ගැනීමේ නාමයෙන් මිනිස් ඝාතන සිදු කිරීම අනුමත කළ නොහැකි බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසා තිබිණි.
සමාන පුවත්: