ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
නාම යෝජනා පත්‍ර රැසක් අහිමි වේ
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් පළාත් පාලන ආයතන කිහිපයක් සඳහා ඉදිරිපත් කරන ලද නාම යෝජනා ප්‍රතික්ෂේප වී තිබේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාම යෝජනා පත්‍ර ප්‍රතික්ෂේප වී ඇති පළාත් පාලන ආයතන:
- මහරගම නගර සභාව
- බදුල්ල ප්‍රාදේශීය සභාව
- මහියංගණය ප්‍රාදේශීය සභාව
- පානදුර නගර සභාව
- අගලවත්ත ප්‍රාදේශීය සභාව
- වැලිගම නගර සභාව
ස්ත්‍රී - පුරුෂ භාවය නිසි පරිදි සදහන් නොවීම හේතුවෙන් මහරගම නගර සභාව සදහා ඉදිරිපත් කර තිබූ නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප වී ඇති බව කොළඹ දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරිවරයා පැවසීය.
වැලිගම නගර සභාව සදහා ඉදිරිපත් කළ නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප වී තිබෙන්නේ අදාල දිස්ත්‍රික්කය සදහා පක්ෂය විසින් නම් කරන ලද බලයලත් නිලධාරියා අදාළ නාමයෝජනාව භාර නොදීම හේතුවෙනි.
මේ අතර පළාත් පාලන මැතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ඉදිරිපත් කරන ලද නාම යෝජනා පත්‍ර දෙකක් ප්‍රතික්ෂේප වී තිබේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නාම යෝජනා පත්‍ර ප්‍රතික්ෂේප වී ඇති පළාත් පාලන ආයතන:
- දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය සභාව
- පදියතලාව ප්‍රාදේශීය සභාව
පළාත් පාලන ආයතන 93 අදාළ නාම යෝජනා පත්‍ර භාර ගැනීම බ්‍රහස්පතින්දා (දෙසැ 14) දහවල් 12.00 අවසන් විය.
සෙසු පළාත් පාලන ආයතන 248 නාම යෝජනා පත්‍ර භාර ගැනීම ජනවාරි 18 සිට 21 වෙනිදා දහවල් 12.00 දක්වා සිදුවනු ඇත.
සබැඳි යොමු: