ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
මහින්ද බයිසිකලයෙන්, දිනේෂ් බර කරත්තෙන්
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමේ මන්ත්‍රීවරුන් පිරිසක් අද (නොවැ 09) අයවැය විවාදය සඳහා පාර්ලිමේන්තුව කරා ළඟා වූයේ පාපැදිවලිනි.
ඔවුන් පාපැදියෙන් පාර්ලිමේන්තු පැමිණියේ මෑත දින කිහිපය තුළ රටේ පැවති තෙල් අර්බුදයට විරෝධය පළ කිරීම සඳහා බව පැවසෙයි.
මන්ත්‍රීවරුන්ගේ පාපැදි සවාරිය ආරම්භ කෙරුණේ බත්තරමුල්ලේ සිටය.
එම කණ්ඩායමට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු මන්ත්‍රීවරුන් විසි දෙනකු පමණ ඇතුළත් විය.
මේ අතර ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන ඇතුළු තවත් මන්ත්‍රීවරුන් කීප දෙනෙක් බර කරත්තයකින් පාර්ලිමේන්තුවට ළඟා වූහ.
පාපැදි සහ බර කරත්තවලින් පැමිණෙමින් සිටි මන්ත්‍රීවරුන්ට පොලිසිය බාධා කළ බවට පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන කථානායකවරයාට පැමිණිලි කර තිබෙන අතර ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරන බවට කථානායකවරයා සඳහන් කළ බවක් ද වාර්තා වෙයි.
මුදල් ඇමති මංගල සමරවීර විසින් ඉදිරිපත් කරනු ලබන පළමු අයවැය මෙයින් ස්වල්ප වේලාවකට පෙර ආරම්භ විය.
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු සංකීර්ණය සහ ඒ අවට දැඩි ආරක්‍ෂක රැකවල් යොදා ඇත.
සබැඳි යොමු: