සෞදි අරාබියේ දූෂණ මර්දන වැඩපිළිවෙල: "මෙය ආරම්භය පමණයි"

Saudi Crown Prince Mohammed bin Salman, 4 September 2016

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප ශීර්ෂ වැකිය, සෞදි අරාබියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු

සෞදි රජ පවුලේ සාමාජිකයන්, ඇමතිවරුන් සහ ව්‍යාපාරිකයන් ගණනාවක් අත්අඩංගුවට ගනු ලැබීම දූෂණ මර්දන වැඩපිළිවෙලේ ආරම්භය පමණක් බව එරට නීතිපතිවරයා පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ෂේක් සෞද් අල්-මොජෙබ් විසින් ඉහත කී අත්අඩංගුවට ගනු ලැබීම් හඳුන්වනු ලැබ ඇත්තේ "මෙය හුදෙක් දූෂණ මුලිනුපුටා දැමීම සඳහා වන වැදගත් ක්‍රියාදාමයක ආරම්භය පමණයි" යනුවෙනි.

අලුතින් පිහිටවූ දූෂණ මැඩලීමේ ආයතනයක් විසින් සෞදි රජ පවුලේ කුමාරවරුන් එකොළොස් දෙනෙකු, ඇමතිවරුන් සිව් දෙනෙකු සහ හිටපු ඇමතිවරුන් ගණනාවක් අත්අඩංගුවට ගනු ලැබ ඇතැයි ඉරිදා (නොවැ 05) වාර්තා විය.

එම ක්‍රියාමාර්ගය ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරුගේ බලය තවදුරටත් තහවුරු කර ගැනීමේ පියවරක් ලෙස සැලකේ.

තිස් දෙහැවිරිදි ඔටුන්න හිමි කුමරුගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වන දූෂණ මර්දන ආයතනය විසින් අත්අඩංගුවට ගන්නා ලද එකොලොස් දෙනා අතර ජාත්‍යන්තර මට්ටමේ ප්‍රකෝටිපති ව්‍යාපාරිකයෙකු වන අල්වලීඩ් බින් තලාල් ද සිටින බව වාර්තා වේ.

සෞදි බලධාරීන් විසින් ගනු ලැබ ඇති ඉහත කී ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ද සහාය හිමිව තිබේ.

"සෞදි අරාබියේ සල්මාන් රජු සහ ඔටුන්න හිමි කුමරු සම්බන්ධයෙන් මට ලොකු විශ්වාසයක් තිබෙනවා. ඔවුන් මොකක්ද කරන්නේ කියා ඔවුන් දන්නාවා" යනුවෙන් ඇමරිකානු ජනාධිපතිවරයා නිකුත් කළ ට්විටර් පණිවුඩයක දැක්වේ.

අරාබි ලෝකයේ ධනවත්ම රටවන සෞදි අරාබිය, ස්වාධීන රාජ්‍යයක් වශයෙන් සිය වසර 85 ඉතිහාසයය තුළ නොදුටු ආකාරයේ වෙනස්කම්වලට ලක් වෙමින් පවතී.

රාජ්‍ය ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලක් මෙහෙයවමින් සිටින අතරවාරයේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු, ඉහළ යමින් පවතින සිය බල පරාක්‍රමය තහවුරු කර ගැනීමට පියවර ගනිමින් ඇතැයි ආරක්ෂක තොරතුරු පිළිබඳ බීබීසී වාර්තාකරු ෆ්‍රෑන්ක් ගාඩ්නර් පවසයි.

2009 වසරේ මුහුණ දුන් 'ජෙඩා' ගංවතුර සහ 2012 රට මුහුණ දුන් 'මර්ස් '(Mers) වෛරසය පැතිරයාම පිළිබඳවත් නැවත පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව අල්-ඇරබියා සෞදි ගුවන් විදුලිය නිවේදනය කළේය.

ආණ්ඩුව යටතේ පාලනය වෙන සෞදි අරාබි මාධ්‍ය ආයතනය වාර්තා කරන පරිදි, පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු නිකුත් කිරීමට සහ සංචාරක තහංචි පැනවීමට ද දූෂණ මැඩලීමේ නව ආයතනයට බලය ඇත.

line

ඔබ සෞදි අරාබියේ හෝ මැදපෙරදිග කලාපයේ සිටින්නෙක්ද ?

line

එම කලාපයේ සේවයේ නිරත ඔබේ අත්දැකීම් හා අදහස් අප වෙත දන්වන්න.

දුරකතන :

+44 (0) 20 36144039

+ 44 (0)20 36140556

+ 44 (0)20 36140555

+ 44 (0)20 36140554

+ 44(0) 20 36140551

+ 44(0) 20 36140552

Facebook (ෆේස්බුක්) : පිවිසෙන්න

ඊමේල් : [email protected]