ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
නව ව්‍යවස්ථාව: ජනපති සහ ජාතික නිදහස් පෙරමුණ අතර හමුවක්
නව ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය සම්බන්ධයෙන් සිය මතය පැහැදිලි කිරීම සඳහා හෙට (ඔක් 11) ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හමු වීමට නියමිත බව ජාතික නිදහස් පෙරමුණ පවසයි.
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති යෝජනා සහ එහි සම්පාදන ක්‍රියාවලියේ අවසානය ෆෙඩරල් රාජ්‍යයකට යන ගමනක් ලෙස ජාතික නිදහස් පෙරමුණේ ප්‍රචාරක ලේකම් මොහොමඩ් මුසම්මිල් හඳුන්වයි.
අද (ඔක් 10) කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ මෙතෙක් ක්‍රියාත්මක වී ඇත්තේ "ෆෙඩරල් මතවාදය දරන සුළුතරයකගේ මතය ඉස්මතු කරන ව්‍යවස්ථා සම්පාදක ක්‍රියාවලියක්" බවය.
කෙසේ නමුත් නව ව්‍යවස්ථා කෙටුම්පත සම්බන්ධයෙන් ජනමත විචාරණයක් පැවැත්විය යුතු බව බීබීසී සිංහල සේවය හා ඊයේ (ඔක් 09) පැවති සාකච්ඡාවකදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න පැවසීය.
"ඒකීය, නොබෙදුණු සහ නොබෙදිය හැකි" යන වචන නව ව්‍යවස්ථා අතුරු වාර්තාවට එක් කර තිබේ.
නව ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය සම්බන්ධයෙන් සියලු දේශපාලන සංවිධාන සහ ජාතික සංවිධාන සමග ද සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ද ජාතික නිදහස් පෙරමුණේ ප්‍රචාරක ලේකම් මොහොමඩ් මුසම්මිල් වැඩිදුරටත් සඳහන් කළේය.