ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
නාවික හමුදාව මුහුදේ ගිලුණු තවත් අලින් දෙදෙනෙක් බේරා ගනියි
ශ්‍රී ලංකා නාවික හමුදාවේ භටයන් පිරිසක් විසින් මුහුදට ගසාගෙන ගිය තවත් අලින් දෙදෙනෙක් බේරා ගනු ලැබ තිබේ.
ඉරිදා (ජූලි 23) එම අලි දෙදෙනා බේරා ගනු ලැබ තිබෙන්නේ ත්‍රිකුණාමලය අසල මුහුදේ අනතුරට ලක්ව සිටියදීය.
මුහුදට ගසාදෙන ගොස් සිටි අලි දෙදෙනා නාවික හමුදා මුරසංචාරක භටයන් කණ්ඩායමක ඇස ගැටී ඇති අතර, ඉන් අනතුරුව වන ජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ ද සහයෝගය ඇතිව දියත් කෙරුණ ඒකාබද්ධ බේරාගැනීමේ මෙහෙයුමක් මගින් ඔවුන් බේරා ගන්නා ලදි.
සබැඳි යොමු:
බේරා ගැනීමේ මෙහෙයුමේ දී අලින්ට කිසිදු උපද්‍රවයක් සිදුනොවූ බවත් ඔවුන් වෙරළට ගෙන ඒමෙන් අනතුරුව අසළ වනයට යාමට සැලසූ ආකාරය මෙහෙයුමෙන් අනතුරුව නාවික හමුදාව නිකුත් කළ වීඩියෝ පටවල දක්නට ලැබේ.
ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහ වන ජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ ඒකාබද්ධ මෙහෙයුමකින් මේ මාසය මුලදීත් මුහුදට ගසා ගෙන ගොස් අනතුරට පත් අලියකු බේරා ගැනීමට හැකිවිය.