ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
මුහුදේ ගසා ගෙන ගිය අලියා
කෝකිලායි කෝක්කුතුඩුවායි අසල මුහුදේ ගසාගෙන යමින් සිටි අලියෙකු බේරාගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව සමත්විය.
ගොඩබිමින් නාවික සැතපුම් 8 ක් පමණ ඈත මුහුදේ ගසාගෙන යමින් සිටි අලියා දුටු නාවික හමුදා මුර සංචාරක කණ්ඩායමක් මුර සංචාරයේ නියුතු තවත් වේග ප්‍රහාරක යාත්‍රාවක් සහ නාවික හමුදා කිමිදුම් අංශයේ නාවිකයන් කණ්ඩායමක් ද කඩිනමින් පිටත් කර යැවීය.
අලියා බේරාගැනීමේ මෙහෙයුම සඳහා වන ජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් ද එක් වූහ.
පැය ගණනාවක් මුළුල්ලේ දැඩි උත්සාහයක් යොදා ගැඹුරු මුහුදේ සිට අලියා නිරුපද්‍රිතව ගොඩබිමට ගෙන ඒමට ඔවුහු සමත්වූහ.
පුල්මුඩේ, යාන් ඔය ප්‍රදේශයට රැගෙන ආ අලියා වන ජීවී නිලධාරීන් වෙත භාරදීමෙන් අනතුරුව පසුව වනයට මුදා හැරිණ.