මුහුදේ ගසා ගෙන ගිය අලියා

වීඩියෝ ශීර්ෂ වැකිය, මුහුදේ ගිලුණු අලියා

කෝකිලායි කෝක්කුතුඩුවායි අසල මුහුදේ ගසාගෙන යමින් සිටි අලියෙකු බේරාගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව සමත්විය.

ගොඩබිමින් නාවික සැතපුම් 8 ක් පමණ ඈත මුහුදේ ගසාගෙන යමින් සිටි අලියා දුටු නාවික හමුදා මුර සංචාරක කණ්ඩායමක් මුර සංචාරයේ නියුතු තවත් වේග ප්‍රහාරක යාත්‍රාවක් සහ නාවික හමුදා කිමිදුම් අංශයේ නාවිකයන් කණ්ඩායමක් ද කඩිනමින් පිටත් කර යැවීය.

අලියා බේරාගැනීමේ මෙහෙයුම සඳහා වන ජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් ද එක් වූහ.

පැය ගණනාවක් මුළුල්ලේ දැඩි උත්සාහයක් යොදා ගැඹුරු මුහුදේ සිට අලියා නිරුපද්‍රිතව ගොඩබිමට ගෙන ඒමට ඔවුහු සමත්වූහ.

පුල්මුඩේ, යාන් ඔය ප්‍රදේශයට රැගෙන ආ අලියා වන ජීවී නිලධාරීන් වෙත භාරදීමෙන් අනතුරුව පසුව වනයට මුදා හැරිණ.