ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
දළදා මාළිගාව 'හරිත පුණ්‍ය භූමියක්'
ලොව ප්‍රථම 'හරිත පුණ්‍ය භූමිය' ලෙස මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගය නම් කෙරිණි.
ඒ අනුව අද සිකුරාදා (ජුලි 14) සිට ශ්‍රී දළදා මාළිගය වෙත පොලිතින් සහ ප්ලාස්ටික් රැගෙන ඒම තහනම් බව එහි පාලනාධිකාරිය පවසයි.
දළදා මාළිගය වෙත රැගෙන එන ප්ලාස්ටික් මල් වට්ටි වෙනුවට එම පරිශ්‍රයට ඇතුළු වීමේදී ප්‍රතිචක්‍රීකරණය කළ හැකි මල් වට්ටි ලබා දීමට ද නියමිතය.
පූජා පරිශ්‍රයේ ප්‍රයෝජනය සඳහා දේශීය අමුද්‍රව්‍ය පමණක් යොදා නිෂ්පාදනය කෙරුණු කසල බහාලන යොදා ගැනීමද වැඩසටහනේ එක් විශේෂත්වයකි.
'ටොන් තුනක්'
පූජා භූමිය තුළ දිනකට අපද්‍රව්‍ය ටොන් තුනක් එකතුවන බව ශ්‍රී දළදා මාළිගයේ පාලනාධිකාරිය පවසයි.
වැඩසටහන දීයත් කිරීමේ උළෙලට සහභාගී වූ පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා කියා සිටියේ රට පුරා සියලු ආගමික ස්ථාන ආවරණයවන පරිදි හරිත භූමි වැඩසටහන ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවය.