ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
මීතොටමුල්ල කුණු කන්ද නායයාම: ජීවිත හානියකට රු මිලියනයක්
මීතොටමුල්ල කසළ කන්ද නායයාම හේතුවෙන් ජීවිත අහිමිවූවන් වෙනුවෙන් එක් ජීවිත හානියක් සඳහා රුපියල් මිලියනයක් බැගින් වන්දි ප්‍රදානය කරයි.
මෙම වන්දි ප්‍රදානය අද (ජූලි 11) සිදු කෙරුණේ කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී ය.
පසුගිය අප්‍රේල් 14 වැනිදා මීතොටමුල්ල කසළ කන්ද නාය ගිය අතර ඊට ගොදුරු වූ 32දෙනෙකු ජීවිතක්‍ෂයට පත් විය.
මියගිය අයගේ පවුලේ ඥාතීන්ට වන්දි පිරිනැමීමේ අවස්ථාවට සහභාගී වූ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් කියා සිටියේ අවස්ථා කිහිපයකදී රජයට දැඩි බලපෑම් සිදුකර විශේෂ කැබිනට් අනුමැතියක් හරහා මෙම වන්දි මුදල් ලබාගත් බවය.
"අත්වැරදීමක්වත් නෙමෙයි"
"මේ නායයාම ස්වභාවික උවදුරක්වත් සාලාව වගේ අත්වැරදීමක්වත් නෙමෙයි. ඉතා පැහැදිලිවම මේ ආණ්ඩු දෙකේම දේශපාලනඥයන්ගේ සහ නිලධාරීන්ගේ තීන්දු තීරණ ගැනීමේ ප්‍රමාදය නිසා තමයි මේ අනතුර වුනේ." යනුවෙන් ඔහු මෙහිදී ප්‍රකාශ කළේය.
වන්දි ප්‍රදානය කිරීමේ අවස්ථාවට සහභාගිවූ මීතොටමුල්ල කුණු කන්දට එරෙහි ජනතා ව්‍යාපාරයේ කැවුම්කරු කේ කේ කීර්තිරත්න පෙරේරා කියා සිටියේ නිවාසවලට වූ අලාභ හානි වෙනුවෙන් ලැබෙන වන්දි මුදල ප්‍රමාණවත් නොවන බවය.