"මම දේශද්‍රෝහියෙක් ද ?" : "සුදු වෑන් රියේ අංකය ඇහුවා"

Sri Lankan opposition politicians and media activists stage a sit-down demonstration in the capital Colombo on June 10, 2009. The activists are denouncing the wave of physical attacks against independent journalists and media rights activists in recent months and the latest attack earlier in the week against Poddala Jayantha, a key activist who has been fighting for media freedom. AFP PHOTO/Ishara S. KODIKARA (Photo credit should read Ishara S. KODIKARA/AFP/Getty Images)

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, මාධ්‍යවේදී පෝද්දල ජයන්තට පහර දීම හෙලා දැක 2009 වසරේ ජුනි 10 වෙනිදා කොළඹ පැවති උද්ඝෝෂණයක්

සටන් පාඨ හා පෑනක් සහිතව සටන් කළ තමන් අද අර්ධ ආබාධිතයෙකු ලෙස ජීවත්වීමට තරම් කළ වරද කුමක්දැයි යළි ශ්‍රී ලංකාවට පැමිණි මාධ්‍යවේදී පෝද්දල ජයන්ත ප්‍රශ්න කරයි.

ඔහු එළෙස ප්‍රශ්න කළේ, 2009 වසරේ දී තමා පැහැරගෙන යාමටත්, පහරදීමටත් ලක්වීම සම්බන්ධයන් නිසි පරීක්ෂණයක් ක්‍රියාත්මක නොවූ බව පවසමින් අද අඟහරුවාදා (ජුනි 20) කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැමිණිලි කිරීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් පළකරමිනි.

2009 වසරේ ජුනි මාසයේ පැහැරගෙන යන ලද පෝද්දල ජයන්ත දැඩි පහරදීමකට ද ලක්වීමෙන් අනතුරුව මහමග අතහැර දමා ගොස් තිබිණි.

අස්ථි බිඳීම් කිහිපයක් නිසා මසකට ආසන්න කාලයක් ඔහුට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබාගැනීමට සිදුවිය.

line
line

ජිවිත ආරක්ෂාව පතා 2010 වසරේදී තමන් රටින් පිටවූ බව පැවසූ එවක වෘත්තීය පත්‍රකලාවේදී සංගමයේ ලේකම්වරයාද වූ පොද්දල ජයන්ත වසර 8කට පසු ලංකාවට පැමිණියේය.

තමන් මුහුණ පෑ සිද්ධිය සම්බන්ධයෙන් කළ ලිඛිත පැමිණිලිවලට අදාළව නිසි විමර්ශනයක් ක්‍රියාත්මක නොවූ බැවින් ඒ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළ බව ඔහු කියා සිටියේය.

වීඩියෝ ශීර්ෂ වැකිය, "අපරාධවලට වගකිවයුතු අයට දඬුවම් දෙන්න"

"වරක් ලිඛිත පැමිණිල්ලක් කළාම මගෙන් ඊමේල් මගින් ඉල්ලා සිටියා ඔබ පැහැරගත් සුදු වැන් රථයේ අංකය කුමක්ද කියලා, හාස්‍යජනකයි යම් පුද්ගලයෙක් පැහැරගන්න එන වාහනයක් නිල අංක තහඩු අංකයක් එක්ක එයි දැයි මම පිළිතුරු යැව්වා, ඒ වගේ පරීක්ෂණ ගැන මට විශ්වාසයක් නැහැ"

තමාට පමණක් නොව පසුගිය සමයේ ජනමාධ්‍යවේදීන්ට සිදුවූ අපරාධවලට සම්බන්ධ වගකිවයුතු පුද්ගලයන්ට දඬුවම් දීමට ජනාධිපති කොමිසමක් පත්කරන ලෙස ඔහු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටී.

line
line

"යළිත් තව කෙනෙකුට මේ දේ නොවෙන්න මෙම අපරාධවලට වගකිව යුතු අයට දඬුවම් දෙන්න ඕනේ"

"මම දේශද්‍රෝහියෙක්ද ?" යැයි ප්‍රශ්න කරන පෝද්දල ජයන්ත, දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව, රේගුව, සුරාබදු දෙපාර්තමේන්තුව ආදී ආයතනවල බදු වංචා සම්බන්ධයෙන් ගවේෂණාත්මක මාධ්‍යවේදියෙකු ලෙස තමන් ලිපි ගණනාවක් ලියා ඇති බව පෙන්වාදුන්නේය.

Sri Lankan opposition politicians and media activists stage a sit-down demonstration in the capital Colombo on June 10, 2009. The activists are denouncing the wave of physical attacks against independent journalists and media rights activists in recent months and the latest attack earlier in the week against Poddala Jayantha, a key activist who has been fighting for media freedom. AFP PHOTO/Ishara S. KODIKARA (Photo credit should read Ishara S. KODIKARA/AFP/Getty Images)

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, 2009 වසරේ පැවති උද්ඝෝෂණයක්

එසේ ජනතාවගේ සුභසිද්ධිය තකා කටයුතු කළ තමන්ට දේශද්‍රෝහියෙක් ලෙස රාජ්‍ය මාධ්‍ය චෝදනා කළ බව ද ඔහු ප්‍රකාශ කළේය.

"මම ලියපු ඒවා අරගෙන බලන්න මම වැඩකළේ ද්‍රෝහියෙක් ලෙස ද නැතිනම් මේ රට වෙනුවෙන් ද කියලා"

සැත්කම් හේතුවෙන් සිය පාදයක් අදටත් තහඩු පතුරුවලින් පිරි ඇති බව පැවසූ පොද්දල ජයන්ත තමන්ට මෙවන් තත්ත්වයක් ඇතිවීමට, කළ වරද කුමක්දැයි ප්‍රශ්න කළේය.