ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
"ජාතීන් අතර විරසක ඇති කිරීමේ පාඨ ඇතුළත් පුවත්පත් හමු වෙයි"
කුරුණෑගල මුස්ලිම් පල්ලියකට ප්‍රහාර එල්ල කළ බවට සැක පිට බන්ධනාගාර ගත කෙරුණු පුද්ගලයන් දෙදෙනාගෙන් එක් අයකුට අයත් කඩ කාමරයක තිබී ජාතීන් හා ආගම් අතර විරසක ඇති කිරීමේ පාඨ ඇතුළත් පුවත්පත් සහ පෝස්ටර් තොගයක් හමු වූ බව පොලිසිය පවසයි.
වැල්ලව පාරේ පිහිටි ඉහත කී කඩකාමරය බ්‍රහස්පතින්දා (ජුනි 15) පරීක්ෂා කිරීමේදී සිංහලේ ජාතික පුවත්පතේ පිටපත් ඇතුළු පුවත්පත් සහ පෝස්ටර් හමු වූ බව ශ්‍රී ලංකා පොලිස් මූලස්ථානය නිකුත් කළ නිවේදනයක දැක්වේ.
එම පුවත්පත් සහ පෝස්ටර් කුරුණෑගල පොලිස් ස්ථානයට ඉදිරිපත් කර ඇති අතර ඒ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පැවැත්වෙන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
පසුගිය 21 වෙනිදා අලුයම මල්ලවපිටිය මුස්ලිම් පල්ලියට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් පවත්වන ලද දීර්ඝ විමර්ශනයකින් අනතුරුව බ්‍රහස්පතින්දා අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් දෙදෙනා ජුනි 19 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු බවත් පොලිසිය පවසයි.