ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
මුස්ලිම් ප්‍රහාර: "ඥානසාර හිමි සමඟ කිට්ටු සබඳතා"
මුස්ලිම් ව්‍යාපාරික ස්ථානවලට මෑතකදී එල්ල වූ ප්‍රහාර හතරකට සම්බන්ධවූ බවට සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයා බොදුබල සේනා සංවිධානයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු බව පොලිසිය පවසයි.
තවමත් අත්අඩංගුවේ පසුවන මෙම පුද්ගලයා ගලගොඩ ඇත්තේ ඥානසාර හිමියන් සමඟ "කිට්ටු සම්බන්ධකම්" පැවැත්වූ අයෙකු බව ද පොලිස් ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි අද (ජුනි 11) මාධ්‍ය හමුවකදී පැවසීය.
"මොහු ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ සමඟ කිට්ටු සම්බන්ධකම් පැවැත්වූ අයෙකු බවටත් එම ස්වාමීන් වහන්සේ අත්අඩංගුවට ගැනීමට එරෙහිව පසුගිය දා බොරැල්ලේ පැවැත්වූ උද්ඝෝෂණ ව්‍යාපාරයකට ඉතා ක්‍රියාශීලීව සම්බන්ධ වූ අයෙකු බවටත් දැනට තොරතුරු අනාවරණය වී තිබෙනවා." යනුවෙන් ඔහු ප්‍රකාශ කළේය.
පොලිස් ප්‍රකාශකවරයා තවදුරටත් කියා සිටියේ මුස්ලිම් ව්‍යාපාරික ස්ථාන හතරකට එල්ල වූ ප්‍රහාරයන් පිළිබඳව විශේෂ විමර්ශන සිදුකෙරෙමින් පවතින බවය.
"මෙම සිදුවීම් හතරටම මේ පුද්ගලයා සෘජුවම සම්බන්ධ බවට දැනට සිදු කර ඇති විමර්ශනවලදී හෙළිදරව් වී තිබෙනවා. මොහු 2014 වසරේ බොදුබල සේනා සංවිධානයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු ලෙස සම්බන්ධ වී එම කාලයේ සිට මේ දක්වා එම සංවිධානයේ සියලුම කටයුතුවලට ක්‍රියාකාරීව සම්බන්ධ වන කෙනෙකු බව හෙළි දරව් වී තිබෙනවා." යැයි නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේය.
බොදුබල සේනා සංවිධානයට සම්බන්ධකම් පවතින තවත් කුඩා කණ්ඩායම් පවතින බවත් එම කණ්ඩායම්වල නායකයන් සමඟ ද අත්අඩංගුවට පත් වී සිටින පුද්ගලයා කිට්ටු සබඳතා පවත්වා ඇති බවත් විමර්ශනවලින් සනාථවී ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.