ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ලොතරැයි මණ්ඩල විදේශ අමාත්‍යංශය යටතට
මැයි 22 වෙනිදා සිදු කළ කැබිනට් අමාත්‍ය මණ්ඩල සංශෝධනයට අදාළ නව අමාත්‍යංශ යටතට අයත් විෂය පථයන් ඇතුළත් ගැසට් පත්‍රය ප්‍රකාශයට පත් කරනු ලැබ තිබේ.
ඒ අනුව ජාතික ලොතරැයි මණ්ඩලය සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලය විදේශ කටයුතු අමාත්‍යංශය යටතට පත් කර ඇත.
මේ අතර දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත ආයතන හා රාජ්‍ය සංස්ථා යන ආයතන 33 ක් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය යටතට පත් කර තිබේ.
මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර යටතේ පවතින ආයතන
අමාත්‍ය රවී කරුණානායක යටතේ ඇති විදේශ කටයුතු අමාත්‍යංශයට දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත ආයතන හා රාජ්‍ය සංස්ථා යන ආයතන 05 ක් අයත් වේ.
විදේශ කටයුතු අමාත්‍යංශයට අයත් ආයතන
- විදෙස් රාජ්‍ය දූත මණ්ඩල
- ලක්ෂ්මන් කදිරගාමර් ජාත්‍යන්තර සබඳතා හා ක්‍රමෝපාය අධ්‍යයන ආයතනය
- ජාතික සමුද්‍ර කටයුතු කාරක සභා ලේකම් කාර්යාලය
- ජාතික ලොතරැයි මණ්ඩලය
- සංවර්ධන ලොතරැයි මණ්ඩලය
ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය යටතට පත් කර ඇති දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත ආයතන හා රාජ්‍ය සංස්ථාවලට අයත් ආයතන සංඛ්‍යාව 08 කි.
වත්මන් ආණ්ඩුවට බලයට පත් වන අවස්ථාවේ කියා සිටියේ අමාත්‍යංශ සඳහා විෂය පථයන් වෙන් කිරීමේදී ඒ සඳහා විද්‍යානුකූල ක්‍රමවේදයක් අනුගමනය කරන බවය.
මුදල් හා ජනමාධ්‍ය ඇමති ධුර ඒකාබද්ධ කරනු ලැබුවේ ආණ්ඩුව බලයට පත්වන අවස්ථාවේ පොරොන්දු වූ විද්‍යානුකූල ආකාරයට දැයි බීබීසී සිංහල සේවය පසුගියදා රාජිත සේනාරත්න අමාත්‍යවරයාගෙන් විමසූ අවස්ථාවේ ඔහු කියා සිටියේ ජනමාධ්‍ය ඕනෑම විෂයයක් සමග සම්බන්ධ කළ හැකි බවය.
මහා මාර්ග සහ උසස් අධ්‍යාපන කටයුතු එක් අමාත්‍යංශයක් යටතට පත් කිරීම පිළිබඳ අදහස් දක්වමින් අමාත්‍ය දයාසිරි ජයසේකර කියා සිටියේ "මහා මාර්ගේ ගිහින් තමයි විශ්ව විද්‍යාලයට යන්නේ" යනුවෙනි.