ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
අත්වැල්තොට කන්ද නායයාමෙන් පසු
කළුතර දිස්ත්‍රික්කයේ, අත්වැල්තොට කන්ද නාය යාමෙන් අතුරුදහන් වී ඇති පිරිස සොයා තවමත් මෙහෙයුම් සිදු කෙරෙමින් පවතී.
ප්‍රදේශවාසියෙකු බීබීසී සිංහල සේවයට කියා සිටියේ තම සහෝදරයා සහ සහෝදරිය පිළිබඳව කිසිදු තොරතුරක් තවමත් සොයාගන්නට නොහැකි වී ඇති බවය.
පස් කන්දට යටවී ඇති සිරුරු සොයා ගැනීමට හමුදාව තවදුරටත් උත්සාහ කරමින් සිටින අතර මේවනවිට මළසිරුරු හතක් සොයා ගෙන ඇත.
මේ අතරතුර රත්නපුර කලවාන ප්‍රදේශයේ ගංවතුර බැසගිය ස්ථානවල නිවාස පිරිසිදු කිරීම ආරම්භ කර තිබේ.