උතුරේ සහ දකුණේ යුද සමරු වැඩසටහන්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය නිමවීමේ අටවෙනි සංවත්සරය අදට (මැයි 18) යෙදී ඇත.
ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් 'මැයි දහඅට වෙනිදා' ශ්‍රී ලංකාවේ තිස් අවුරුදු සිවිල් යුද්ධය නිල වශයෙන් නිම වූ දිනය හැටියට ප්‍රකාශයට පත් කරන ලද්දේ 2009 මැයි 18 වෙනි දිනය.
ශ්‍රී ලංකා ආණ්ඩුවේ හමුදා සහ LTTE සංවිධානය අතර පැවති අවසන් ගැටුම් මුල්ලිවෛක්කාල් භූමියේදී ආණ්ඩුවේ හමුදාවේ ජයග්‍රහණයෙන් නිම විය.
එම යුද්ධයේ දී මරණයට පත්වූවන් සිහිපත් කිරීම සඳහා මුල්ලිවෛක්කාල් හි සංවිධානය කර ඇති අනුස්මරණ උත්සව මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය විසින් තහනම් කරනු ලැබුණි.

උතුරේ සුවිශේෂී ස්ථානයන්හි සමරු වැඩසටහන් පවත්වනු ලැබීම "රටේ එකමුතුභාවයට ජාතික ආරක්ෂාවට සහ සාමයට තර්ජනයක්" වන හෙයින් එම උත්සව තහනම් කරන මෙන් මුලතිව් පොලිසිය මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලීමක් කළ අතර අධිකරණ තීන්දුව දී ඇත්තේ ඒ අනුවය.
එහෙත් එම තීන්දුව සිවිල් සමාජ ක්‍රියාධරයන්ගේ දෝෂ දර්ශනයට ලක්විය.
කෙසේවුවද, අද (මැයි 18) මුල්ලිවෛක්කාල් හි සංවිධානය කර තිබුණ සමරු වැඩසටහන්වලට දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් සහ උතුරු පළාත් සභාවේ මහ ඇමති සී.වී.විග්නේශ්වරන් සහභාගී වී ඇත.
මේ අතර වෙනත් ස්ථාන කීපයක ද යුද ජයග්‍රහණ සැමරුම් උත්සව පැවැත්වුණි.

ආණ්ඩුවේ නිල "රණවිරු සමරුව" හෙට (මැයි 19) රණවිරු ස්මාරකය අසල දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු ආණ්ඩුවේ නායකයන් සහ යුද හමුදා ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් සිදු කිරීමට කටයුතු යොදා ඇත.








