ඉන්ධන වර්ජනය: ජනතා මැසිවිලි

වීඩියෝ ශීර්ෂ වැකිය, ඉන්ධන වර්ජනය ගැන ජනතා අදහස්

ඛනිජ තෙල් වෘත්තීය සමිති දියත් කළ වැඩවර්ජනය හමුවේ තෙල් පිරවුම්හල් අසල දිගු පෝලිම් දක්නට ඇත.

ඉන්ධන අවසන් වීම හේතුවෙන් රට පුරා පිහිටි ඇතැම් පිරවුම්හල් තාවකාලිකව වසා දමා ඇති බවත් වාර්තා වේ.

වර්ජනය පිළිබඳ පූර්ව දැනුම් දීමක් සිදු නොකළ බවට මැසිවිලි නැගූ පිරවුම්හල් අසල පෝලිම්වල රැඳී සිටි ඇතැම් රියදුරන් කියා සිටියේ ඒ හේතුවෙන් සිය දෛනික වැඩකටයුතුවලට බාධා එල්ල වූ බවය.

ත්‍රිකුණාමලයේ පිහිටි ඛනිජ තෙල් ටැංකි ඉන්දියන් තෙල් සමාගමට දීමට ආණ්ඩුවේ සූදානමක් පවතින බවට චෝදනා කරන ලංකා ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව ඊට එරෙහිව වෘත්තීය ක්‍රියාමාර්ගයකට යොමුව සිටී.

වර්ජනය හමුවේ ජනතාවට මුහුණ දීමට සිදුව ඇති අපහසුතාව පිළිබඳ කණගාටුව පළ කරන බව කී ලංකා ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු ඩී.ජේ රාජකරුණා සිය ඉල්ලීම් ලබා දෙන ලෙස ආණ්ඩුවට බල කරන මෙන් ජනතවගෙන් ඉල්ලා සිටියේය.