ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ශ්‍රී ලංකාවෙන් පිටව යන සංචාරකයන්ට සමරු තිළිණයක්
සංචාරකයන් අතර ශ්‍රී ලංකා තේ වල අනන්‍යතාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් තෝරාගත් රටවල් කිහිපයක සංචාරකයන් ශ්‍රී ලංකාවෙන් පිටත්ව යාමේදී සමරු තිළිණයක් ලෙස ගුවන් තොටුපොලේදී නොමිලේ තේ පැකට් ලබා දීමට ආණ්ඩුව සූදානම් වෙයි.
ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ තේ ප්‍රවර්ධනය සහ අලෙවිය සඳහා වූ අරමුදලින් රුපියල් මිලියන සීයක් යොදාගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිණිස වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය පළ විය.
ශ්‍රී ලංකාවේ තේ අලෙවි කරන ප්‍රධාන සන්නාම හිමිකරුවන් කිහිපදෙනෙකුගේ දායකත්වය ඇතිව සිදුකිරීමට බලාපොරොත්තු වන මෙම කාර්යය මගින් ශ්‍රී ලාංකිකයන්ගේ ආගන්තුක සත්කාරය පිළිබඳ හැඟීම සංචාරකයන්ගේ සිත් තුළ වර්ධනය කරවීම ද අපේක්‍ෂා කෙරෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වේ.
ඒ සමගම ශ්‍රී ලංකාවේ තේ වල ඇති සුවිශේෂී ගුණාංග සහ සිය රටවලදී ශ්‍රී ලංකා තේ මිලදීගත හැක්කේ කෙසේද යන තොරතුරු ඇතුළත් කුඩා පොතක් එම සංචාරකයන්ට ලබාදීමටද කටයුතු කෙරෙනු ඇත.