ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
HIV ආසාදිතයන් සමාජයෙන් කොන්කිරීම වැළකීමට නීති?
HIV ආසාදිත හෝ ආසාදිත යැයි සැක කෙරෙන පුද්ගලයන් සමාජයෙන් කොන් කරන අයට එරෙහිව පියවර ගතහැකි නීති සම්පාදනය කෙරෙහි අවධානය යොමුව ඇති බව ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ පවසයි.
ඔහු මේ තොරතුරු හෙළිකළේ, ගනේමුල්ල ප්‍රදේශයේ මවකට HIV ආසාදනය වීම මත ඇගේ දියණියගේ අධ්‍යාපන කටයුතුවලට බාධා එල්ලවීමේ තත්වය ගැන අදහස් දක්වමිනි.
"HIV තියෙනවයි කියලා අනිත් ළමයි ඔක්කොම අස්කරගෙන ගියත් පාසල මේ ළමයත් එක්ක පවත්වාගෙන යායුතුයි"යනුවෙන් වෛද්‍ය සිසිර ලියනගේ පැවසීය.
ව්‍යාප්තවීමට හේතුව
HIV ආසාදනය වූවන් හා ආසාදිත යැයි සැක කෙරෙන පුද්ගලයන් සමාජයෙන් කොන් කිරිම මගින් එම ආසාදිතයන් ප්‍රතිකාර සඳහා යොමු නොවීමේ තත්වයක් ඇතිවන බව පෙන්වාදෙන ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ එමගින් HIV තව තවත් ව්‍යාප්ත විය හැකි බව පෙන්වාදුණි.
ශ්‍රී ලංකාවේ HIV ව්‍යාප්තවීමට 99% ක් හේතු වී ඇත්තේ අනාරක්ෂිත ලිංගික සම්බන්ධතා බව වෛද්‍ය සිසිර ලියනගේ සඳහන් කළේය.
"මදුරුවන්ගෙන්, මකුණන්ගෙන් බෝවෙන්නේ නැහැ, අතින් අල්ලුවයි කියල, සිප ගත්තයි කියල බෝවෙන්නේ නැහැ, එකට නෑවයි කියල, තුවා, වැසිකිලි භාවිතා කළයි කියල බෝවෙන්නේ නැහැ, ඒ නිසා මේ අනියත බියක් තමයි ඇතිකරගෙන තියෙන්නේ"