ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
'ආදරය, රැකවරණය අහිමිව HIV ආසාදිත කාන්තාවෝ සෝ සුසුම් හෙලනවා'
"මට සමාජයේ කිසිම අයිතිවාසිකමක් නෑ. මට ආදරයක් නෑ. මට ආරක්ෂාවක් නෑ. කාන්තාව ගොඩක් සෝ සුසුම් හෙලනවා. මට වුනත් එහෙමයි," එච්අයිවී ආසාදිතයන් වෙනුවෙන් කැපවූ අනභිනන්දිත වීරවරිය, ප්‍රින්සි මංගලිකා පවසන්නීය.
එච්අයිවී/ ඒඩ්ස් රෝගය පිළිබඳව අතීතයේදීට වඩා ශ්‍රී ලංකාවේ බොහෝ දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක වන නමුත්, එය කිසිසේත්ම ප්‍රමාණවත් නැති බව පවසන ඇය, තමන්ට මේ ඉරණම අත්වූයේ සිය රෝහලේ හෙද කාර්ය මණ්ඩලය රහස්‍යභාවය ආරක්ෂා කිරීමට අපොහොසත්වීම හේතුවෙන් බවත් බීබීසී සංදේශයට කියා සිටියාය.
සම්පූර්ණ විස්තරය මේ පිටුවේ: එච්අයිවී ආසාදිතයන්ට ලිංගික පහස අකැපද?
(බීබීසීය වාර්ෂිකව දියත් කරන'සියයක් කාන්තාවෝ: ලොවින් අඩක් ඔබ අමතයි' - 100 Women-වැඩසටහන වෙනුවෙන්)