මිලියන 163 වාරයක් නැරඹූ දඟකාර පැන්ඩා

වීඩියෝ ශීර්ෂ වැකිය, මිලියන 163 වාරයක් නැරඹූ දඟකාර පැන්ඩා

දඟකාර පැන්ඩා පැටවෙකු සිය භාරකරුගේ පාදයේ එල්ලීමට ගනු ලබන උත්සාහයක් දැක්වෙන වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය තුළ ජනප්‍රියවෙමින් පවතී.

ෆේස්බුක් සමාජ ජාලයේ පළ වූ එම වීඩියෝ පටය දින හතරක් ඇතුළත මිලියන 163 වාරයක් නරඹා ඇත.

චී ඊ නමැති පැන්ඩා පැටවා වෙසෙන්නේ චීනයේ සිචුවාන් පළාතේ පිහිටි පැන්ඩා සතුන් බෝ කිරීමේ මධ්‍යස්ථානයක් තුළය.