තරුණියන්ට වැඩ පෙන්වා 'කුංෆු පැන්ඩාගෙන්' මට්ටු වෙයි

වීඩියෝ ශීර්ෂ වැකිය, තරුණියන්ට වැඩ පෙන්වා 'කුන්ෆු පැන්ඩාගෙන්' මට්ටු වෙයි

සිය යෙහෙළියන් ඉදිරියේ 'වික්‍රම පෑමේ' අරමුණින් සත්වෝද්‍යානයක පැන්ඩා කුටියට අනවසරයෙන් ඇතුළු වූ තරුණයකුට මුහුණ පෑමට සිදු වූ ඇබැද්දියක් පිළිබඳ චීනයේ නැන්චෑන් පළාතෙන් වාර්තා වේ.

මීලිං නමැති පැන්ඩාගේ ග්‍රහණයට හසු වූ තරුණයා ඉතා අසීරුවෙන් ඉන් මිදී පළා යන ආකාරය වීඩියෝ දර්ශනවල දැක ගත හැක.

පැන්ඩාටත් යෙහෙළියන් ඉදිරියේ විකුම් පෑමට ගිය තරුණයාටත් හානියක් සිදු වී නොමැති බව සත්වෝද්‍යාන බලධාරීහු පවසති.