ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
"මිල අඩු කිරීමට පිටරටින් නොමිලේ සහල්”
පාරිභෝගිකයන්ට අඩු මිලට සහල් ලබාදීම සඳහා ශ්‍රී ලංකාවට නොමිලේ සහල් ලබාදෙන ලෙස තායිලන්තය ඇතුළු රටවල් කිහිපයකින් ඉල්ලා ඇති බව මුදල් රාජ්‍ය ඇමතිවරයා පවසයි.
සහල් මිල ඉහල යාම වළක්වාගැනීම සඳහා පාලන මිලක් නියමකර ඇති නමුත් වැඩි මිලට සහල් අලෙවිකිරීම නවතාලීමට පාරිභෝගික අධිකාරිය සමත්වී නොමැති බව මුදල් රාජ්‍ය ඇමති ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන කියා සිටියේය.
ඔහු මේ බව කියා සිටියේ පස්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සංවිධානය කළ මහජන හමුවකදී ය.
මුදල් රාජ්‍ය ඇමතිවරයා තවදුරටත් කියා සිටියේ වෙනත් රටවලින් නොමිලේ ලබාගන්නා සහල් අඩු මිලට වෙළඳපළට නිකුත් කිරීමෙන් පසු සහල් මිල පහත වැටෙනු ඇති බවය.