ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ගස් බඳිද්දී නිහඬ වූයේ ඇයි?
පසුගිය ආණ්ඩුව සමයේදී රාජ්‍ය සේවකයන් ගස් බැඳීම සහ දණ ගැස්වීම වැනි සිදුවීම්වලදී විශාල විරෝධයක් එල්ල නොවූයේ වෘත්තීය සමිති ව්‍යාපාර සමග මිත්‍රත්වයෙන් ගනුදෙනු කරන විශාල පිරිසක් පසුගිය ආණ්ඩුව තුළ සිටි හෙයින් බව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පවසයි.
අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසුවේ, නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක රාජ්‍ය නිලධාරියෙකුට බැනවැදීමේ සිද්ධිය පිළිබඳව මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.
කෙසේ නමුත් රජයේ නායකයන් එම සිද්ධිය සම්බන්ධයෙන් අද වනතුරු ප්‍රකාශයක් නොකිරීම එය මෙතරම් දුරදිගයාමට හේතුවී ඇති බව ඔහු ප්‍රකාශ කළේය.
මෙහිදී මාධ්‍යවේදීන් යොමුකළ ප්‍රශ්නවලට මන්ත්‍රීවරයා ලබාදුන් පිළිතුරු ඉහත වීඩියෝවෙන් නැරඹිය හැකිය.