ලංකා ඊ නිව්ස් කතුවරයාට නොතීසි

අධිකරණයට අපහාස කිරීමට අදාළව ඉදිරිපත්වී ඇති චෝදනා සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස දන්වමින් ලංකා ඊ නිව්ස් කර්තෘ සඳරුවන් සේනාධීර වෙත ශ්‍රේෂ්ඨාධිකරණය අද (ජන. 19) නොතීසි නිකුත් කළේය.
ශ්‍රේෂ්ඨාධිකරණය එම පියවර ගනු ලැබුවේ නීතිඥ මධුර විතානගේ ඉදිරිපත් කළ පෙත්සම් 14ට අදාළව ය.
අදාළ වෙබ් අඩවියේ පළකර තිබූ ඇතැම් පුවත්වලින් විනිසුරුවරුන්ගේ පුද්ගලිකත්වයට මෙන්ම සමස්ත අධිකරණ පද්ධතියට ද අපහාසයක් සිදුවන බව පෙත්සම්කරු පෙන්වාදී තිබිණ.
කෙසේවුවද, විනිසුරුවරුන් කියා සිටියේ පෙත්සම් සළකා බැලීමට පෙර ඒ පිළිබඳව වගඋත්තරකාර කතුවරයා වෙත නොතිසි නිකුත් කළ යුතු බවය.
ඒ අනුව මාර්තු මස 03 වෙනිදා අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය කළ නියෝගය අනුව, ලංකා ඊ නිවුස් වෙබ් අඩවියේ කතුවරයාට අයත් මාලබේ ප්‍රදේශයේ පිහිටි ලිපිනයක් වෙත නොතිසි නිකුත් කෙරිණ.






