හම්බන්තොටදී ආණ්ඩුව කළේ මර්දනයක් - මහින්ද
වත්මන් ආණ්ඩුව යහපාලනය, ප්‍රජාතන්ත්‍රවාදය සහ නීතියේ ආධිපත්‍ය පිළිබඳ නිතර කතා කළත් ඒ කිසිවක් ක්‍රියාත්මක නොවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.
හම්බන්තොට විරෝධතාවේ යෙදුණු භික්ෂූන් වහන්සේලා සහ සාමාන්‍ය වැසියන්ට ගල් මුල්වලින් පහර දීම සඳහා කොළඹින් 'මැර කණ්ඩායම්' තුනක් පැමිණ ඇති බව හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ අද (08) මහනුවර ශ්‍රී දළදා මාලිගාව වැඳ පුදා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
ආණ්ඩුවේ 'මර්දනකාරී ක්‍රියා පිළිවෙතට' එරෙහිව නැගී සිටිය යුතු බවත් හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
ශ්‍රී දළදා මාලිගාව වැඳ පුදා ගැනීමෙන් අනතුරුව හිටපු ජනාධිපතිවරයා මල්වතු සහ අස්ගිරි මහ නාහිමිවරු බැහැදැක ආශීර්වාද ලබා ගත්තේය.



