ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
හොඳ වාහනයක් නැතිව 'හෙවෙස්ස' නගින්න බැහැ - රාජිත
ඇමතිවරුන් විසිහත් දෙනෙකු වෙනුවෙන් මෝටර් රථ මිලදී ගැනීම සඳහා රුපියල් හැත්තෑ නව කෝටි පහළොස් ලක්ෂයක මුදලක් ඉල්ලා පසුගියදා පාර්ලිමේන්තුවට පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් විය.
කැබිනට් ඇමතිවරු, නියෝජ්‍ය ඇමතිවරු, රාජ්‍ය අමාත්‍යවරු සහ විපක්ෂ නායකවරයා වෙනුවෙන් එම මෝටර් රථ මිලදී ගැනීමට නියමිතය.
ඒ පිළිබඳ අද (නොවැ. 30) කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී බීබීසී සිංහල සේවය රජයෙන් කරුණු විමසූ අතර එහිදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න කියා සිටියේ වසර ගණනාවක සිට අමාත්‍යංශවලට මෝටර් රථ මිලදී නොගැනීම හේතුවෙන් නව මෝටර් රථ මිලදී ගැනීමට සිදු වී ඇති බවය.
ඇමතිවරයා සහ මාධ්‍යවේදීන් අතර ඇතිවූ සංවාදය ඉහත වීඩියෝ පටයෙන් නරඹන්න.