භික්ෂු සෞඛ්‍යයට 'බෞද්ධ ව්‍යායාම'

බෞද්ධ භික්ෂූන් වහන්සේලා දියවැඩියාව සහ හෘද රෝගවලට ගොදුරු වීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර පවසයි.

ඇමතිවරයා ඒ බව කියා සිටියේ ජාතික ක්‍රීඩා සංවර්ධන වැඩසටහන පිළිබඳ මල්වතු සහ අස්ගිරි මහ නාහිමිවරුන් දැනුවත් කිරීමෙන් අනතුරුව මාධවේදීන් අමතමිනි.

සංඝ සමාජයේ 60% කට අධික පිරිසක් දියවැඩියාව සහ හෘදයාබාධවලින් පෙළෙන බව සෞඛ්‍ය වාර්තාවල සඳහන් වන බව ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

බෞද්ධ සම්ප්‍රදායේ ව්‍යායාම යොදා ගැනීමෙන් මෙවැනි තත්වයන් වළක්වා ගත හැකි බවත් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර පෙන්වා දෙයි.