ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
මුස්ලිම් විවාහ සහ දික්කසාද නීති සංශෝධනයට පියවර
මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත සංශෝධනය කිරීම සළකා බැලීම සඳහා කමිටුවක් පත්කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.
පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (ඔක්.26) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මේ බව ප්‍රකාශයට පත්විය.
GSP+ සහනය ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව එකඟ විය යුතු ජාත්‍යන්තර ප්‍රඥප්තියකට අදාළ කාරණයක් ලෙස මෙය හඳුනාගෙන ඇති බව අමාත්‍ය සාගල රත්නායක මෙහිදී ප්‍රකාශ කළේය.
මුස්ලිම් නීතිය යටතේ විවාහ විය යුතු අවම වයස් සීමාව සහ එම නීතිය යටතේ ආවරණයවන ඇතැම් කරුණු සම්බන්ධ විධිවිධාන ශ්‍රී ලංකාව ද පාර්ශ්වකරුවකුවන ඇතැම් ජාත්‍යන්තර ප්‍රඥප්තිවල නිශ්චිතව දක්වා ඇති නියාම ධර්මවලට අනුකූල නොවන බැවින් එම විධිවිධාන සංශෝධනය විය යැතු යැයි හඳුනාගෙන ඇති බව එහිදී ප්‍රකාශ විණ.
ඒ අනුව, මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත යෝග්‍ය පරිදි සංශෝධනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයට යෝජනා කරනු පිණිස අමාත්‍ය අනුකාරක සභාවක් පත්කිරීම සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවිය.