ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
එක්නැලිගොඩ පරීක්‍ෂණවලට හමුදා සහාය නැහැ -නීතිපති
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමට අදාළ පොලිස් පරීක්ෂණ සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව නිසි සහයෝගය නොදෙන බව නීතිපතිවරයා අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පැවසීය.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයින් දෙදෙනෙකු ඉදිරිපත් කළ මුලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලු අවස්ථාවේදී අතිරේක සොලිසිටර් ජෙනරල් සරත් ජයමාන්න මේ බව අධිකරණයට දැන්වූයේ නීතිපතිවරයා නියෝජනයකරමිනි.
'පරීක්ෂණවලට බාධා'
අතිරේක සොලිසිටර් ජෙනරල්වරයා කියා සිටියේ පරීක්ෂණවලට අවශ්‍ය දුරකථන ඇමතුම් විස්තර ඇතුළු තොරතුරු කිහිපයක් සපයන මෙන් යුද හමුදා බුද්ධි අංශය භාර බ්‍රිගේඩියර්වරයාට රහස් පොලිසිය දැනුම් දී තිබුන ද එම තොරතුරු මෙතෙක් ලැබී නොමැති බවය.
මේ හමුවේ පරීක්ෂණවලට බාධා එල්ලවී ඇතැයි ඔහු කියා සිටියේය.
මේ අතර තමන්ව අත්අඩංගුවට ගැනීම නීතිවිරෝධී බවට තීන්දු කරන්නැයි ඉල්ලා යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයින් දෙදෙනා ඉදිරිපත් කළ මුලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට ගැනීමටද ශ්‍රේෂ්ඨාධිකරණයේ අවසරය හිමිවූ අතර ඒ සඳහා ලබන මස 29 වෙනිදාට දින නියම කෙරිණ.