ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
බැන් කි මූන් ශ්‍රී ලංකාවට
ශ්‍රී ලංකා ආණ්ඩුවේ ආරාධනය පරිදි එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන් කි මූන් අගෝස්තු 31 වැනි දින සිට සැප්තැම්බර් දෙවැනි දින දක්වා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරතවන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
පදවියෙන් ඉවත්ව යන මහ ලේකම්වරයා සිය ශ්‍රී ලංකා සංචාරයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ හමුවීමට නියමිත අතර, ගාල්ලේ සහ යාපනයේද සංචාරය කිරීමටත් නියමිතයි.
සැප්තැම්බර් පළමු වැනි දින ගාල්ලේ පැවැත්වෙන සංහිඳියාව උදෙසා තරුණ සහභාගිත්වය පිළිබඳ සමුළුවකට සහභාගි වන බැන් කි මූන්, ඉන් අනතුරුව සැප්තැම්බර් දෙවැනි දින යාපනයේදී උතුරේ ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ, විපක්ෂනායක ආර් සම්බන්ධන් ඇතුළු දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයන්ද හමුවනු ඇති බවත් අමාත්‍යංශ නිවේදනයේ සඳහන්.
එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා සිය සංචාරය අතරතුරදී ලක්ෂ්මන් කදිරගාමර් ආයතනයේ ආරාධනයෙන් කොළඹදී විශේෂ දේශනයක් පැවැත්වීමටත් නියමිතයි.
එල්ටීටීඊය යුද්ධයෙන් පරාජය කළ බව ශ්‍රී ලංකා ආණ්ඩුව නිවේදනය කිරීමෙන් දින කිහිපයකට පසුව 2009 මැයි මාසයේදී මහ ලේකම්වරයා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවිය.
ඉන් අනතුරුව ඔහු ශ්‍රී ලංකාවට පැමිණෙන පළමු වතාව මෙයයි.
බැන් කි මූන් මෙවර ශ්‍රී ලංකා සංචාරයේ නිරතවන්නේ සිය මැතිනියද සමඟින්.