ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ඕස්ට්‍රේලියානු පොලිසියේ ලිංගික හිරිහැර 'මැඩලිය යුතුයි'
ඕස්ට්‍රේලියානු පොලිසිය තුළ සිදු වන ලිංගික හිරිහැර සහ අඩන්තේට්ටම් මැඩලීම සඳහා ක්ෂණික පියවර ගත යුතු බව ස්වාධීන වාර්තාවක් නිර්දේශ කර තිබේ.
පසුගිය වසර පහ ඇතුළත පොලිස් නිලධාරිනියන්ගෙන් අඩක් සහ නිලධාරීන්ගෙන් පහෙන් එකක් සේවා ස්ථානයේදී ලිංගික හිරිහැරයට ලක් වී ඇති බව එම වාර්තාවේ සඳහන්.
ඕස්ට්‍රේලියාවේ ජාතික මට්ටමෙන් වාර්තා වන ලිංගික හිරිහැර සහ අඩන්තේට්ටම්වල සාමාන්‍ය හා හා සැසඳීමේදී එම සංඛ්‍යාව දෙගුණයක්.
තමන් සේවා ස්ථානය තුළ අඩන්තේට්ටම් වලට ලක් වන බව පොලිස් නිලධාරිනියන් සහ නිලධාරීන්ගෙන් සියයට හැටක් පවසා තිබේ.
ලිංගික හිරිහැර සහ අඩන්තේට්ටම්වලට ගොදුරු වීම සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටි ඕස්ට්‍රේලියානු පොලිස් කොමසාරිස්වරයා අදාළ ප්‍රතිසංස්කරණ සිදු කරන බවට ප්‍රතිඥා දී තිබේ.