ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
නාමල් රිමාන්ඩ් බන්ධනාගාරයට
පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබුණ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීමෙන් අනතුරුව අගෝස්තු 22 දින තෙක් රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබුණි.
හෙලෝකෝප් සමාගමේ රුපියල් කෝටි දොළහ හමාරක කොටස් නීති විරෝධීව මිලදී ගත්තැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සිදු කැරෙන පරීක්ෂණයක් සඳහා ප්‍රකාශයක් ලබා ගැනීමටයි ඔහු අද පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට කැඳවා තිබුණේ.
නාමල් රාජපක්ෂ මන්ත්‍රී වරයා අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කරන ලද දෙවැනි අවස්ථාවයි මේ.