ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
‘මුස්ලිම් ජනයා වෙනුවෙනුත් විශේෂ අධිකරණයක් අවශ්‍යයි’
ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනයාට එරෙහිව යුද සමයේ සිදු කෙරුණ අපරාධ සම්බන්ධයෙන් විභාග කිරීම සඳහා විශේෂ අධිකරණයක් ස්ථාපිත කළ යුතු යයි නැගෙනහිර පළාතේ ජාතික 'සුහදාක්කල්' සංවිධානය (Suhathakkal) පවසයි.
දෙමළ කොටි සංවිධානය විසින් 1990 වසරේ මුස්ලිම් පල්ලි දෙකක දී සීයකට අධික මුස්ලිම් වැසියන් මරා දැමීමේ 26 වෙනි සංවත්සරය යෙදීමත් සමඟ නිවේදනයක් නිකුත් කරන ජාතික 'සුහදාක්කල්' සංවිධානය කාත්තන්කුඩි මුස්ලිම් පල්ලි දෙකක දී වෙඩි තබා ඝාතනය කරන ලද 104 දෙනා ඇතුළු එම වසරේ වෙනත් තැන් වලදී මරා දැමුණ මුස්ලිම් ජනතාව වෙනුවෙන් පරීක්ෂණයක් ආරම්භ කළ යුතුව ඇති බව කියා සිටියි.
මේ සම්බන්ධයෙන් බීබීසියට ප්‍රකාශයක් කරන නැගෙනහිර පළාතේ ජාතික 'සුහදාක්කල්' සංවිධානයේ සභාපති මොහමඩ් රිෂ්වි, පසුගිය කාලයේ වාර්ගික ගැටුම් වලදී මුස්ලිම්වරුන් ද නොයෙක් දුෂ්කරතා හා අපහසුතාවයන්ට මුහුණ දී ඇති හෙයින් ජාත්‍යන්තර අධිකරණයක් හමුවේ පරීක්ෂණ පවත්වන අවස්ථාවක මුස්ලිම්වරුන්ට එරෙහිව සිදු කොට ඇති අපරාධ පිළිබඳවත් අවධානය යොමු විය යුතු බවයි කියා සිටියේ.
එසේම උතුරු හා නැගෙනහිර පළාත් ඒකාබද්ධ කිරීමේ ප්‍රයත්නයක් ගැන දැන ගන්නට ලැබෙන බව සඳහන් කළ ජාතික 'සුහදාක්කල්' සංවිධානයේ සභාපති මොහමඩ් රිෂ්වි කියා සිටියේ එවැනි ක්‍රියාමාර්ගයකින් නැගෙනහිර පළාත් මුස්ලිම්වරුන්ට පරිපාලනමය වශයෙන් අපහසු තත්වයක් සහ පසුබෑම් ඇතිවෙන බවයි.