ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
'කබාලි' සිනමා උන්මාදය තමිල්නාඩුව කළඹයි
කලාපයේ සුපිරිතම සිනමා තරුව රැජිනි කාන්ත්ගේ නවතම සිනමා නිර්මාණය නැරඹීම සඳහා දකුණු ඉන්දීය සිනමා රසිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
සිකුරාදා තිර ගත වීමට නියමිත 'කබාලි' චිත්‍රපටය නැරඹීම සඳහා ඇතැම් ව්‍යාපාරික ආයතන විසින් සිය සේවකයන්ට නිවාඩු ලබා දීමට පියවර ගෙන ඇත.
ලෙඩ නිවාඩු දැමීම, ජංගම දුරකථන ක්‍රියා විරහිත කොට තැබීම, සේවයට වාර්තා කිරීමට අසමත් වීම වැනි අවහිරතා වැළැක්වීමේ අරමුණින් සේවකයන්ට එදින නිවාඩු ලබා දුන් බවයි ඉහත කී ව්‍යාපාරික ස්ථාන කියා සිටින්නේ.
එයාර් ඒෂියා ගුවන් සේවය විසින් බැංගලෝර් නගරයේ සිට චෙන්නායි නුවර දක්වා 'කබාලි' නමින් විශේෂ ගුවන් ගමනක් යොදවා ඇති අතර ගුවන් ගමන අතරතුර රැජිනි කාන්ත්ගේ ප්‍රියතම ආහාර පිළිගන්වනු ලැබේ.
සිකුරාදා සිට සෙනසුරාදා චිත්‍රපට ප්‍රදර්ශන වාර දහයම නොනවත්වා නරඹන බව දකුණු ඉන්දීය සිනමා රසිකයෙක් පැවසීය.
හැට පස් වියැති දකුණු ඉන්දීය සිනමා තරුව රැජිනි කාන්ත් ඔහු විසින් හඳුන්වනු ලැබුවේ තම පියා, මව සහ දෙවියන් ලෙසයි.