ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ශ්‍රීනගර්හි ඇඳිරි නීතිය
ආරක්ෂක අංශ විසින් ඉහළ පෙළ සන්නද්ධ කණ්ඩායම් නායකයකු මරා දමනු ලැබීමත් සමග ඉන්දීය පාලනයේ පවතින කාශ්මීරයේ බලධාරීන් විසින් ශ්‍රීනගර්හි ප්‍රදේශ ගණනාවක ඇඳිරි නීතිය පනවනු ලැබ තිබේ.
සිකුරාදා මරා දැමුණු විසි වන වියේ පසු වූ බුර්හන් වානි කලාපයේ ක්‍රියාත්මක විශාලතම සන්නද්ධ ව්‍යාපාරවලින් එකක් වන හිස්බුල් මුජහිදීන් සංවිධානයේ නායකයෙකි.
සෙසු තරුණයන්ට සිය කණ්ඩායමට බැඳෙන ලෙස ඉල්ලා සමාජ ජාල තුළ පළ කරන ලද වීඩියෝ දර්ශනවල පෙනී සිටි අයකු ලෙසත් බුර්හන් වානි ප්‍රසිද්ධියක් උසුලන්නෙකි.
ඔහුගේ උපන් ගම වන ශ්‍රීනගර්හි උතුරු කලාපයේ පැවති අවමංගල්‍ය සඳහා සිය ගණනක පිරිසක් එක් වී සිටි අතර එහි ආරක්ෂාව තර කොට තිබේ.