ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ලෝක සවාරියේ යෙදෙන කිකිළියක්
මොනික් දෙහැවිරිදි කිකිළි පැටවෙක්.
ඇය දැන් අන්තර්ජාලයේ සැරිසරන බොහෝ දෙනා හඳුනන තාරකාවක්. ඒ ඇය බෝට්ටුවක නැගී ලෝකය පුරා චාරිකාවක් ඇරඹීමත් සමගින්.
සිය ස්වාමියා වන ප්රංශ ජාතික ගුයිරෙක් ගේ බෝට්ටුවේ නැගී ඇය ඔහුත් සමගින් ශාන්තිකර සාගරය තරණය කොට, කැරිබියානු දූපත්වලත් සංචාරය කොට දැන් ග්රීන්ලන්තයට පැමිණ සිටින්නීය.
මුහුදු ජීවිතයට හුරු වී සිටින ඇය සිය ස්වාමියාගේ සමාජ ජාල සටහන්වල වීරවරිය බවට පත් වී සිටිනවා.