ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
මුදල් මංකොල්ල කන වඳුරෙක්
ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ රන් ආභරණ වෙළඳසැලකින් වඳුරකු මුදල් සොරා ගන්නා ආකාරය එහි ආරක්ෂක කැමරාවල සටහන් වී ඇත.
වෙළඳසැලේ සේවකයකු වඳුරාට කෑමට යමක් ලබා දෙන අතර එයින් සෑහීමකට පත් නොවන වඳුරා වෙළඳසැල තුළට ඇතුළු වන ආකාරය ආරක්ෂක කැමරාවල පටිගත වී තිබේ.
සිය වෙළඳසැලට ඇතුළු වී මද වේලාවක් එහි රැඳී සිටි වඳුරා මුදල් ලාච්චුව විවෘත කොට මුදල් සොරා ගත් බවයි වෙළඳසැල් හිමිකරු පවසන්නේ.
වඳුරා විසින් ඇමරිකානු ඩොලර් එක සිය පනහක මුදල් නෝට්ටු මිටියක් සොරා ගෙන ඇති බවත් වෙළඳසැල් හිමිකරු සඳහන් කළේය.
සොරා ගන්නා ලද මුදල් නෝට්ටුවලින් කොටසක් බිම දමා ගොස් තිබී නැවත හමු වී ඇත.
මෙම සිදුවීම වාර්තා වී ඇත්තේ පසුගිය මැයි මස 23 වනදායි.