ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ගාන්ධාරයෙන් සැතපෙන බුදු පිළිමයක්
පාකිස්තානයේ පුරා විද්‍යාඥයන් විසින් තුන් වෙනි සියවසට අයත් ඉතාම දුර්ලභ ඝනයේ බුද්ධ ප්‍රතිමාවක් සොයා ගනු ලැබ ඇත.
කාබන් දින දර්ශකය අනුව මෙම සැතපෙන බුදු පිළිමය දකුණු ආසියානු රටකින් ලද එම ඝනයේ පැරණිතම පිළිමය හැටියට සැලකෙයි.
පුරා විද්‍යාඥයන් පවසන්නේ පිළිමය අවුරුදු 1800 ක් තරම් පැරණි බවයි.
සැතපෙන බුදු පිළිමය හමු වී තිබෙන්නේ ගාන්ධාරයෙන්.
'ගාන්ධාර තොටිල්ල' යනුවෙන් හැඳින්වෙන වයඹ පාකිස්තානය ඓතිහාසික බෞද්ධ රාජධානියකි.
බුදු දහම ඉන්දියාවේ සිට නැගෙනහිර දෙසට ව්‍යාප්ත වීමේ දී ගන්ධාර දේශයත් ඊට ඇතුළත් විය.
කැණීම් මගින් තමන් විසින් ගොඩ ගන්නා ලද බුදු පිළිමය පිළිසකර කිරීමට අසීරු මට්ටමින් දුර්වල තත්වයක පවතින බවයි පාකිස්තාන් පුරාවිද්‍යාඥයන් පවසන්නේ.
ගාන්ධාර දේශයට අයත් සර්වඥ ධාතු ප්‍රදර්ශනයක් පසුගිය දා ශ්‍රී ලංකාවේ ආරම්භ විය.