ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
'අලින් ලුහු බඳින අලුත් දඩයක්කාර පරපුරක්'
වඳ වී යාමේ අනතුරකට මුහුණ දී සිටින අලි ඇතුන් රැක ගැනීමේ ඉදිරි සැලසුම් සාකච්ඡා කෙරෙන සමුළුවකට අප්‍රිකානු රටවල නායකයෝ සහභාගී වෙමින් සිටිති.
වනයේ දැවැන්තයන් රැක ගැනීමේ රාජ්‍ය නායක හමුව පැවැත්වෙන්නේ කෙන්යාවේ.
සමුළුව සමාරම්භ කරමින් අදහස් දැක්වූ කෙන්යාවේ ජනාධිපති උහුරු කෙන්යාටා ජාවාරම්කරුවන්ගේ අනවසර ඇත් දළ වෙළෙඳාම නතර කිරීමට තීරණාත්මක පියවර ගත යුතු බව අවධාරණය කළේය.
දැඩි ලෙස සන්නද්ධව එසේම ජාත්‍යන්තර වෙළෙඳපොළ සමඟ හවුල් වී සිටින අලුත් අලි දඩයක්කාර පරපුරක් විසින් අප්‍රිකාව පුරා අලි රංචු වට කරමින් ඇති බවයි ජනාධිපති කෙන්යාටා වැඩි දුරටත් පෙන්වා දුන්නේ.
එහි ප්‍රතිවිපාකය දරුණු විනාශකාරී තත්වයක් වන බවත් කෙන්යා නායකයා කියා සිටියි.
නයිරෝබි අගනුවර පැවැත්වෙන මෙම සමුළුවට සහභාගී වෙන අප්‍රිකානු දේශපාලන නායකයන්ට අලි දඩයමට එරෙහිව කැප වූ විද්‍යාඥයන් කණ්ඩායමක් ද එක්ව සිටිති.