ක්‍රිකට් ලෝක කුසලානය 2019: නවසීලන්ත පන්දු යවන්නන් හමුවේ ශ්‍රී ලංකාවේ පසුබෑමක්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
2019 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වූ පළමු තරගය, නවසීලන්ත කණ්ඩායමට එරෙහිව වේල්ස්හි කාඩිෆ් නුවර සොෆියා ගාර්ඩ්න් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
තරඟයේ කාසියේ වාසිය දිනූ නවසීලන්ත නායක කේන් විලියම්සන් (Kane Williamson) පළමුව පන්දු යැවීමට තීරණය කළේය.
ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 29.2කදී දැවී ගිය අතර ඔවුන්ට ලබාගත හැකිවුණේ ලකුණු 136ක් පමණි.
නවසීලන්ත කණ්ඩායම සිය ඉනිමේදී පන්දුවාර 16.1 දී කිසිවෙකු නොදැවී ලකුණු 137ක් ලබාගෙන තරගයේ ජයග්‍රහණය වාර්තා කළේය.
ජේෆ්රි වැන්ඩසේ, මිලින්ද සිරිවර්ධන, නුවන් ප්‍රදිප් සහ අවිශ්ක ප්‍රනාන්දු අද (ජූනි 01) පැවති තරගයට ක්‍රීඩා නොකළ අතර, ලසිත් මාලිංග සහ ඉසුරු උදාන තරගය සඳහා කැඳවා තිබිණි.
ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කරමින් නායක දිමුත් කරුණාරත්න සහ ලහිරු තිරිමාන්න පළමුව පිටියට පිවිසියහ.
වේග පන්දු යවන මැට් හෙන්රි පළමු පන්දුවාරයේ දෙවන පන්දුවේදීම කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගනිමින් ලහිරු තිරිමාන්න ලකුණු හතරකට දවා ගැනීමට සමත් වුණි.
නායක දිමුත් කරුණාරත්න නොදැවී ලකුණු 52යි.
ලහිරු තිරිමාන්න ලකුණු 4යි.
කුසල් මෙන්ඩිස් 0යි
කුසල් පෙරේරා ලකුණු 29යි.
ධනංජය ද සිල්වා ලකුණු 4යි.
ඇන්ජලෝ මැතිව්ස් 0යි.
ජීවන් මෙන්ඩිස් 1 ලකුණයි.
තිසර පෙරේරා ලකුණු 27යි.
ඉසුරු උදාන 0යි.
සුරංග ලක්මාල් ලකුණු 7යි.
ලසිත් මාලිංග 1 ලකුණයි.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්ත කණ්ඩායමේ මාටින් ගප්ටිල් නොදැවී ලකුණු 73ක් ලබා ගත් අතර, කොලින් මුන්රෝ ලකුණු 58ක් ලබා ගත්හ.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
නවසීලන්ත කණ්ඩායමේ වේග පන්දු යවන මැතිව්ස් ජේම්ස් හෙන්රි පන්දුවාර හතක දී කඩුලු තුනක් දවාගත් අතර, වේග පන්දු ක්‍රීඩක ලොකී ෆර්ගියුසන් පන්දුවාර 6.2ක දී ශ්‍රී ලංකා කණ්ඩායමේ තවත් කඩුලු තුනක් දවා ගැනීමට සමත් විය.
මෙවර ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන දෙවන තරගය ජුනි 4 වෙනිදා ඇෆ්ගනිස්තානය සමග සොෆියා ගාර්ඩ්න් ක්‍රීඩාංගණයේදීම පැවැත්වීමට නියමිතය.








