රෝමන් රෙයින්ස්: ලියුකේමියාව නිසා විශ්ව ශූරතාව අත්හළ රෙස්ලිං ශූරයා

රෝමන් රෙයින්ස්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, රෝමන් රෙයින්ස්

WWE රෙස්ලිං ශූරයෙකු වන රෝමන් රෙයින්ස්, තමන්ට වැළදී ඇති ලියුකේමියා රෝගය හේතුවෙන් සිය විශ්ව ශූරතාව අත්හැරීමට තීරණය කර තිබේ.

සිව් වරක් ලෝක ශූරතාව දිනූ රෝමන් සඳුදා (ඔක් 22) සිය රසිකයින් අමතමින් පැවසුවේ තමන්ට මේ රෝගය වැළදී ඇති බව වසර 11 ට පෙර හඳුනාගනු ලැබුව ද එය බලවත්වීමේ වේගය පාලනය වී තිබූ බවය.

නමුත් නැවත ලියුකේමියාව හිස එසවීම නිසා තවදුරටත් "එම සටන්කාමී ශූරයා" ලෙස සිටීමට තමන්ට නොහැකි බව ඔහු කීය.

ඔහුට සහය පළකරමින් රසිකයින් සමාජ මාධ්‍ය ඔස්සේ මෙන්ම #ThankYouRoman යන හෑෂ්ටැගය සහිතව පළකරන ට්විටර් පණිවිඩ සීඝ්‍රයෙන් පැතිරෙමින් පවතී.

හිටපු ඇමෙරිකානු පාපන්දු ක්‍රීඩකයෙකු ද වන රෝමන් සිය නිවේදනය කළේ සඳුදා පැවති තරගයක දීය.

Skip X post, 1
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 1

රැස්ව සිටි නරඹන්නන් ඇමතූ තිස්තුන් හැවිරිදි රෝමන්, "ඔබ සියලු දෙනා මගේ හීන හැබෑ කළා" යැයි පැවසීය.

"ඔබ මා වෙනුවෙන් ජය ඝෝෂා නැගුවා හෝ මාව ප්‍රතික්ෂේප කළා වුවත් එය වැදගත් නැහැ. ඔබ හැමවිට ම මා වෙත ප්‍රතිචාර දැක්වුවා. ඒකයි වඩා වැදගත් වෙන්නේ ඒ වෙනුවෙන් ගොඩක් ස්තුතියි"

ජෝ අනොආයි යන සැබෑ නම ඇති රෝමන් සිය රසිකයින් වෙත දන්වා සිටියේ මෙය තමන්ගේ "විශ්‍රාම යාමේ කතාව" නොවන බව පැහැදිලි කිරීමට අවශ්‍ය බවය.

ලියුකෙමියාව සුව වූ පසු "යළි නිවහන වෙත එන" බව ඔහු කියා සිටියේය.

"ඒක ශූරතා ලැබීම හෝ ඉහළින් සිටීම ගැන නොවෙයි. එය අරමුණ වෙනුවෙනුයි" යැයි කියා සිටි ඔහු සඳහන් කළේ "මම මේක පරාද කර ආපහු එනවා. ඉතින් ඉතා ම ඉක්මණින් ඔබට මාව දැකගන්නට පුළුවන්" යනුවෙනි.

ඒ හැඟුම්බර කතාවෙන් අනතුරුව ෂීල්ඩ් රෙස්ලිං කණ්ඩායමේ ඔහුගේ සගයින් වන ඩීන් ඇම්බ්‍රෝස් හා සෙත් රෝලින්ස් යන දෙදෙනා ඔහු වැළඳ ගත්හ.

Skip X post, 2
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 2

රෙයින්ස් සිව් වරක් දිනූ ලෝක ශූරතා අතර WWE ලෝක හෙවිවේට් ශූරතාව තුන්වරක් දිනාගැනීම හා විශ්ව ශූරතාව එක් වරක් දිනාගැනීම ද අයත් වේ.