ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
අනතුරට ලක් වූ කුසල් ජනිත්ගේ තත්ත්වය
අනතුරකට ලක්ව රෝහල් ගත කෙරුණු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරාගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.
බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් එහි ප්‍රකාශකයෙකු කියා සිටියේ රෝහලේ සිට නවාතැන් ගෙන සිටින හෝටලය වෙත පැමිණ සිටින කුසල් ජනිත් පෙරේරා පන්දුවට පහරදීම සඳහා බදාදා (ජුනි 27) පිටියට පිවිසෙනු ඇති බවය.
බටහිර ඉන්දීය කොදෙව් පිල සමග පැවැත්වෙන ටෙස්ට් තරගයේ තෙවන දින හතරේ සීමාව දෙසට එල්ල වූ උඩපන්දුවක් රැක ගැනීමට උත්සාහ කළ කුසල් ජනිත් පෙරේරා දැන්වීම් පුවරුවක ගැටී අනතුරට ලක් විය.
බිම ඇදවැටුණු ඔහු උපකාර ඉල්ලා සංඥා කළ අතර පසුව ප්‍රතිකාර සඳහා රෝහල් ගත කෙරිණි.
ඒ හේතුවෙන් ආරම්භක පිතිකරු ලෙස පිටියට පිවිසීමට කුසල් ජනිත් පෙරේරාට නොහැකි වූ අතර මහේල උඩවත්ත සහ ධනුෂ්ක ගුණතිලක ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසුනහ.
ශ්‍රී ලංකා කණ්ඩායම තෙවන ටෙස්ට් තරගය ජය ගෙන එකට එකක් වශයෙන් තරගාවලිය සම කිරීම සඳහා ලකණු 63 රැස් කළ යුතුය.
ශ්‍රී ලංකා කණ්ඩායමට තවත් කඩුලු පහක් ඉතිරිව තිබෙන අතර කුසල් ජනිත් පෙරේරා පන්දුවට පහරදීම තීරණාත්මක වනු ඇත.
මේ වනවිට කුසල් මෙන්ඩිස් සහ දිල්රුවන් පෙරේරා පන්දුවට පහර දෙමින් සිටින අතර පිතිකරුවෙකු ලෙස පන්දුවට පහර දීමට පැමිණීමට ඇත්තේ කුසල් ජනිත් පෙරේරා පමණි.