ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
පොදුරද මඩුලු ක්‍රීඩා උළෙල: ශ්‍රී ලංකාවට රිදී පදක්කමක්
පිරිමි කිලෝ ග්‍රෑම් 69 බර පන්තියේ තරඟ ඉසව්වේ රිදී පදක්කම දිනාගන්නට ඉන්දික දිසානායක සමත් විය.
පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දෙවෙනි දිනය වන අද (අප්‍රේල් 6) පැවැති බර ඉසිලීමේ තරඟයේ රන් පදක්කම වේල්සයේ ගැරිත් එවන්ස් හා ලෝකඩ පදක්කම ඉන්දියාවේ දීපක් ලතීර් දිනාගත්හ.
ඉන්දික විසින් ඔසවන ලද මුළු බර ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 297 ක් වන අතර ඔහුට රන් පදක්කම අහිමි වූයේ කිලෝ ග්‍රෑම් 2 ක අඩුවකිනි.
මේ වන විට ශ්‍රී ලංකාව දිනා ඇති මුළු පදක්කම් ගණන තුනකි. ඊයේ (අප්‍රේල් 5) දිනූෂා හංසනී ගෝමස්, කාන්තා කිලෝ ග්‍රෑම් 48 බර පන්තියේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් වූ අතර, පිරිමි කිලෝ ග්‍රෑම් 56 බර පන්තියේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට චතුරංග ලක්මාල් ජයසූරිය සමත් විය
විසි එක්වෙනි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල පැවැත්වෙන්නේ ඔස්ට්‍රේලියාවේ 'ගෝල්ඩ්කෝස්‌ට්' නගරයේය.
එහි සමාරම්භක උළෙල බදාදා ( අප්‍රියෙල් 04) මහත් උත්සවාකාරයෙන් පැවැත්විණි.
රටවල් හැත්තෑ එකක් මෙම විසිඑක් වෙනි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළ නියෝජනය කරන අතර ඊට සහභාගී වෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සංඛ්‍යාව 6500 ඉක්මවයි.
ක්‍රීඩා උළෙල දින එකොළහක කාලයක් පැවැත්වෙනු ඇත.
තවත් තොරතුරු: