ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ක්‍රිකට්: වාර්තා පොත යළි ලියන නිරෝෂන් සහ ධනුෂ්ක
එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් ඉතිහාසයේ පිට පිට තරග දෙකක දී පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 200 ක සම්බන්ධතාවක් පැවැත්වූ පළමු පිතිකරු යුගලය ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමේ නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලක වාර්තාවක් පිහිටවූහ.
සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව හම්බන්තොට ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ දී අද සෙනසුරාදා (ජුලි 08) පැවති තරගයේ දී ඔවුන් විසින් පළමු කඩුල්ල සඳහා ලකුණු 203 ක් රැස් කරනු ලැබීය.
පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් නිරෝෂන් දික්වැල්ල ලකුණු 116 ක් රැස් කළ අතර ධනුෂ්ක ගුණතිලක ලකුණු 87 ක් රැස් කිරීමට සමත් විය.
සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව බ්‍රහස්පතින්දා (ජුලි 06) පැවති තරගයේ දී පළමු කඩුල්ල සඳහා ලකුණු 218 ක් රැස් කිරීමට ඔවුන් දෙදෙනා සමත් වූහ.
එහිදී ධනුෂ්ක ගුණතිලක ලකුණු 116 ක් රැස් කළ අතර නිරෝෂන් දික්වැල්ල ලකුණු 102 ක් රැස් කිරීමට සමත් විය.
අද පැවැත්වෙන තරගයේ නියමිත ඕවර 50 අවසානයේ කඩුලු 06 ක් දැවී ලකුණු 300 ක් රැස් කිරීමට ශ්‍රී ලංකා පිතිකරුවෝ සමත් වූහ.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියටබට සිම්බාබ්වේ කණ්ඩායම ඕවර 14 ක් අවසානයේ කඩුලු 02ක් දැවී ලකුණු 95 රැස් කරගෙන සිටී.