ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ක්‍රිකට් ලෝක කුසලානය: ශ්‍රී ලංකාව පරාදයි, ඉන්දියාවට ජය
එංගලන්තයේ දී ආරම්භ වූ කාන්තා ලෝක කුසලාන ශූරතාවලියේ සමාරම්භක තරගයකදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට කඩුලු 9 ක පරාජයක් අත් වූ නමුත් සත්කාරක එංගලන්තය පරාජය කරමින් ජයග්‍රහණය අත්කර ගැනීමට ඉන්දීය කාන්තා කණ්ඩායම සමත්විය.
නවසීලන්තයට එරෙහිව බ්‍රිස්ටල් නුවර පැවති තරගයේදී මුලින්ම පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත ඕවර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 188 ක් රැස් කර ගත්තේය.
එහිදී නවසීලන්ත කණ්ඩායමේ හෝලි හඩ්ල්ස්ටන් (Holly Huddleston) ලකුණු 35 කට කඩුලු 5ක් දවාගැනීමට සමත්වීම කැපී පෙනිණ.
ලකුණු 189 ක් හඹා යමින් පිටියට පැමිණි නවසීලන්ත කණ්ඩායම දක්ෂ පිති හරඹයක යෙදෙමින් පන්දු ඕවර 37 ක් සහ පන්දු හතරකදී එක් කඩුල්ලක් පමණක් අහිමි කරගනිමින් ජයග්‍රහණය අත්කරගත්තේය.
කණ්ඩායමේ නායිකා සහ ආරම්භක පිතිකාරියවන සුසී බේට්ස් (Suzie Bates) ශතකයක් රැස් කළ අතර, Amy Satterthwaite නොදැවී ලකුණු 78 ක් රැස්කිරීම කැපී පෙනිණ.
මේ අතර එංගලන්තය විශ්මය පත්කරමින් ලකුණු 35 කින් ජයග්‍රහණය කිරීමට ඉන්දියාව සමත් වූයේ විශේෂයෙන්ම ස්ම්රිති මන්දනා (Smriti Mandhana - ලකුණු 90) සහ පූනම් රවුත් (Punam Raut - ලකුණු 86) ආරම්භක පිතිකාරියන්ගේ ප්‍රහාරාත්මක පිතිහරඹය හේතුවෙනි.
ඉන්දීය පිලේ නායිකා මිතාලි රාජ් (Mithali Raj) ද දක්ෂ පිතිහරඹයක යෙදෙමින් ලකුණු 71 ක් රැස් කළාය.