ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
සංගක්කාරගෙන් ශතක සියයක්
සිය ක්‍රිකට් දිවියේ සිය වෙනි ශතකය වාර්තා කළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර ට ක්‍රීඩාලෝලීන් ගෙන් සහ සහෝදර ක්‍රීඩකයන්ගෙන් සුභ පැතුම් පළවෙමින් තිබේ.
බ්‍රිතාන්‍යයේ සරේ කණ්ඩායම වෙනුවෙන් තරග කරන කුමාර් සංගක්කාර යෝක්ෂයර් ප්‍රාන්තයට එරෙහි එක් දින තරගයකදී සියවෙනි ශතකය වාර්තා කළේය.
එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ප්‍රහාරාත්මක පිතිකරු කෙවින් පීටර්සන් සහ රූපවාහිනී නිවේදක පියර්ස් මෝගන් ද සංගක්කාරට සුභ පැතූ පිරිස අතර සිටිති.
මේ දිනවල පැවැත්වෙන චැම්පියන්ස් කුසලාන තරගාවලියේ විස්තර විචාරයටද එක් වී සිටින කුමාර් සංගක්කාර සරේ ප්‍රාන්තය වෙනුවෙන් ඉතා දක්ෂ පිතිහරඹයක නිරතව සිටියි.
පසුගියදා එසෙක්ස් ප්‍රාන්තයට එරෙහිව ද්විත්ව ශතකයක් වාර්තා කරමින් පිට පිටම පළමු පෙළ ශතක පහක් වාර්තා කළ ඔහු ලබන සැප්තැම්බර් මාසයේ පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නා බව නිවේදනය කර තිබේ.