ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
යළිත් ශ්‍රී ලංකා ක්‍රිකට් පිටියට පිවිසෙන අසංක ගුරුසිංහ
දශක දෙකකට පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්ෂේත්‍රයට යළිත් සේවය කිරීමට අවස්ථාව ලැබීම පිළිබඳව සතුටු වන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක්‍රීඩක අසංක ගුරුසිංහ පවසයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව කළමනාකරු ලෙස පසුගිය දා පත්වීම් ලැබූ අසංක ගුරුසිංහ ඒ බව සඳහන් කළේ ඉරිදා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.
මෙම මාධ්‍ය හමුවේ දී අදහස් දැක්වූ තේරීම් කමිටුවේ සභාපති සනත් ජයසූරිය, අසංක ගුරුසිංහ තදින් විනය ක්‍රියාත්මක කරන පුද්ගලයකු බව සඳහන් කළේය.
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පළමු ටෙස්ට් තරගය අඟහරුවාදා ගාල්ලේදී ආරම්භවීමට නියමිතයි.